මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගෙන වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය අද (05දා)තීරණය කළේය.
දිල්මි මධුෂානි හෙට්ටිආරච්චි මහත්මිය විසින් පවරා ඇති පෙත්සම විභාග කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය මෙම පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත්වීමට ඉඩලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් කර ඇති ඉල්ලීම ලබන අගෝස්තු 02 වැනිදා සලකා බැලීමටද අභියාචනාධිකරණය තීරණය කළේය.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ කැඳවන ලදී. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු මහත්වරුන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මේ අතර මාලඹේ වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නිහඩ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත විය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු