දර්ගා නගරයේ විහාරස්ථානයක හිමිනමකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින් අලුත්ගම දර්ගා නගරය නොසන්සුන්වී ඇත.
හිමිනමට පහරදීම සම්බන්ධයෙන් නීතිය හරිහැටි ක්රියාත්මක නොකළේ යැයි චෝදනා කරමින් අද (15දා) සවස්වරුවේ අලුත්ගම නගරයේ බොදු බල සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ ජනහමුවෙන් අනතුරුව එයට සහභාගී වූ පිරිස පා ගමනින් කුරුඳුවත්ත විජයාරාම විහාරස්ථානයට ගමන් කරමින් සිටියදී එල්ලවූ ගල් ප්රහාරයෙන් පසුව මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවිය.
මෙහිදී වෑන් රථයකට ගිනි තබා ඇති අතර වෙළඳසල් ඇතුළු දේපලවළට අලාභහානි සිදුවී තිබේ. තත්ත්වය සමනය කිරීමට පොලිසියට කදුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට සිදුවිය.
බෙන්තොට චතුරිකා ජයරත්න