ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 22 වන බදාදා
ජනතාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සිදුවුවත්, ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අල්ලසට දූෂණයට හා වංචාවට තිත තැබීම සඳහා ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අදට (09දා) යෙදී තිබූ ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අල්ලස, දූෂණය, වංචාව රට තුළින් තුරන් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි. අල්ලස, දූෂණය හා වංචාව පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය බලතල තවත් අවශ්‍ය නම් එයද පාර්ලිමේන්තුව හරහා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
දූෂණ විරෝධී දිනයට සමගාමීව අල්ලස, දූෂණය පිටුදකිමු තේමාව යටතේ පා ගමනක් පැවැත්වූ අතර, අල්ලස, දූෂණය පිටුදැකීමට කටයුතු කළ පුද්ගලයන් වෙනුවෙන් ට්‍රාන්ස්පෙරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ලබාදෙන සුපිළිපන් ප්‍රණාමය මෙවර ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට හිමිවිය.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd