කතරගම බුත්තල මාර්ගයේ මග රැඳී සිට පාරේ එන වාහනවලින් කෑම බලාපොරොත්තුවෙන් රැස්වී සිටින අලින් නිසා වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත. එම නිසා මෙම මාර්ගයේ ගමන් කරන ජනතාවද අපහසුතාවට පත්ව සිටිති.එම මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් මගීන් අලින්ට පලතුරු වැනි කෑම ලබාදීම නිසා මෙම තත්ත්වය උදාවී ඇත. මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බව බොහෝදෙනාගේ අදහසයි.