ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (15දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිය පත්වීම් බාරගනු ලැබූහ.
1980 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට එක් වූ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ශ්‍රී ලංකාවේ 14 වන ගුවන් හමුදාපතිවරයා ලෙස 2014 වසරේ සිට කටයුතු කර ඇත.
කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ගගන බුලත්සිංහල කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට එක්වන්නේ 1981 වසරේ දී ය. ශ්‍රී ලංකාවේ 15 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල අද සිට කටයුතු කරනු ඇත.
ගගන බුලත්සිංහල මහතා පත්වීම් ලබාගනිමින්
කෝලිත ගුණතිලක මහතා පත්වීම් ලබාගනිමින්