ජාතික බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් ' හෙටක් වෙනුවෙන් රටක් තේමාව' යටතේ ක්‍රියාත්මක කෙරෙන බලශක්ති වැඩසටහටනේ මංගල පියවර වශයෙන් 'ජවන ශක්ති යාත්‍රා' ප්‍රදර්ශනාත්මක ධාවන තරඟය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) නිදහස් චතුරස්‍රෙය්දී පැවැත්විණ.
ජවන ශක්ති යාත්‍රා ආරම්භවීමට ජනාධිපතිවරයා විසින් බලශක්ති ප්‍රතිඥාව ලබා දුන් අතර ප්‍රතිඥාව සහිත ගෑස් බැලුන් 5000 ගුවනට මුදාහැරීය.
විදුලිය සහ ඛණිජ තෙල් 10% කින් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික, යුධ හමුදාපති, ගුවන් හමුදාපති, ඇතුලු රාජ්‍ය නිළධාරින් රුසක් මෙම අවස්ථාවට සහභාගීවුහ
ඡායා- ප්‍රදීප් පතිරණ