ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22දා) උදෑසන ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
පළමුව කිරිවෙහෙර සමිදුන් වැද පුදාගත් ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත් සදහා සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව කිරි වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා උන්වහන්සේට අට පිරි කර පූජා කළේය.
මහ දේවාලයට සහ සතර මහා දේවාල වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවති ආශිර්වාද පූජාවන්ට එක් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කරූ ජයසූරිය, සාගල රත්නායක, දයා ගමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.