කුඹල් පෙරහරේ කරඬුව වැඩමවීම ඉන්දි රාජා මතින්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ඊයේ (29දා) රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි.
පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස් සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), පන්සල පාර, දේව වීදිය, කොළඹ විදීය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදුණි.
ප්‍රථම කුඹල් පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම රාජා, මියන්රාජා ගමන් කරනු ලැබුහ.
ප්‍රථම කුඹල් පෙරහැර සදහා අලි ඇතුන් 60 ට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසිය.
කුඹල් පෙරහර අගෝස්තු මස 02 දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 03 සිට 07 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.
අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස (07දා) රාත්‍රි වීදි සංචාරය කර (08) දින පැවැත්වෙන දහවල් පෙරහැර විදි සංචාරය කිරිමෙන් මංගල්‍යයේ අවසානය සනිටුහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
