saravita-anim2

2024 මැයි මස 22 වන බදාදා

2024 මැයි මස 22 වන බදාදා

latest_news - timelapse 24 hours ago

LATEST

තොටළඟත් ලංකාවේ විශාලම තොරණක් හදයි

calendar_today 2024 මැයි 16 - 17:42 remove_red_eye - 2244  

උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.

විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82

Read More

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම් ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත.

Read More

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටෙද්දී දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Read More

වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Read More

වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 10 ත් 15 ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එම මිලට අලෙවි කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවින් පවසති.

Read More

විදුලි සැර වැදීමෙන් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඊයේ (17) රාත්‍රි 10 ට පමණ මතුගම යටදොළවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එන ලදී.

Read More

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අළුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

Read More

කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.

Read More

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

Read More

මහ මුහුද රළුවී මුහුදු රල මාර්ගයට පැමිණීම හේතුවෙන් අද (1) ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත මංසන්දිය දක්වා රට වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී තිබේ.

Read More

අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකියි. මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති පවසයි.

Read More

සිංගප්පූරු ධජය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ බලා ධාවනය වූ බහාලුම් රැගත් නෞකාවක් අද උදෑසන බැල්ටිමෝර් හි යකඩ පාලමක ගැටීමෙන් විශාල හානියක් සිදුව තිබේ.

Read More

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.

Read More

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි. ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.

Read More

මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් මඩකලපුවේදී විවෘත කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් 07 දින විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන ව්‍යාඝ්‍ර යුවලට දාව ඉපදුනු පිරිමි ව්‍යාඝු පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ, ඩූමා යන පැටවුන්ගේ දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දිදෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු නිලධාරීන් විසින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සැමරීම සිදු කරනු ලැබිණි.

Read More

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ’ගංගල්ගුල්ලා’ (Freshwater Moray) මත්ස්‍ය විශේෂය වසර 84කට පසු මෙරටින් වාර්තා වී තිබේ.

Read More

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සහයක නිරත වි 26 දින සිදුවිය.

Read More

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

Read More

වසර පහකට පසුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන නිසාවෙන් අතිවිශාල ජනතාවක් ක්‍රිඩා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

Read More

අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර අද (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින් විවෘත කෙරුණු අතර ඊට විරෝධය පල කරමින් දේශවාසීහු පිරිසක් එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ ඔවුන්ගේ දැඩි විරෝධය පල කලහ.

Read More

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ නතරකර තිබූ මෝටර් රථයක් අද (13දා) මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.