සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර අද (31) වීදි සංචාරය කිරීමට නියමිතය.
පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි සද්ධන්ත තවත් වන අලියෙකු සමග 28 වෙනිදා ගැටෙන අයුරු එම වන උද්‍යානයේ සංචාරයක නිරතව සිටි පුද්ගලයෙකුගේ කැමරා කාචයෙහි සටහන්ව තිබුණි.
Read Moreමාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreපොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට 24 අලුයම පිඹුරත්තෑව ප්‍රදේශයෙන් වැටි සිටි වන අලියෙකු ජලයේ සැඩ පහරට කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු පිඹුරත්තෑව වනජීවී නිලධාරීන් විසින් අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන එම අලියා වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
Read Moreඅමු මිරිස් කිලෝවක් රුපියල් 250 ත් 300 ත් අතර මිළකට පහත වැටී ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසීය. බණ්ඩක්කා කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටත්, තක්කාලි රුපියල් 70 ත් 80 ත් අතර මිළකටත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටත්, මෑ කරල් රුපියල් 60 ත් 70 ත් අතර මිළකටත් පහත බැස ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. මේ හේතුවෙන් සැලකිය යුතු එලවලු තොගද දෛනිකව ඉවත දැමෙන බව ඔවුහු පෙන්වා දෙති.
Read Moreමුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශ වලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කල වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගැනිමට හැකිව තිබුනී.
Read Moreමහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.
Read Moreලොවින් වඳව ගොස් ඇති බවට සැකකල Orchidaceae පවුලට අයත් මෙරටට ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය වසර 160කට පසු නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගෙන තිබේ.
Read Moreඌව පරණගම පෙයාස් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී ඇතැයි ඌව පරණගම ගොම්මලිකන්ද පෙයාස්වගාකරුවන් පවසයි. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොම්මල්කන්ද ප්‍රදේශයේ පෙයාස් වගාව සදහා ඉතා හොද දේශගුණික තත්වයක් පවතින අතර ගොම්මලි කන්ද ප්‍රදේශයේ පවුල් රැසක් මේ හේතුව නිසාම පෙයාස් වගාවේ නිරත වේ. වර්ෂයකට එක් වරක් හට ගන්නා මෙම පෙයාස් වගාවට හොද මිලක් ලබා දෙන ලෙස ගොවින් ඉල්ලා සිටියි.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන ලද ගිනි පෑගීමේ උළෙල අද (08) උදෑසන සිදුවිය .
Read Moreමහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංචාරක ගමනාන්තයක් වන මීමුරේ ගම්මානයට පිවිසීමට ඇති කයිකාවල 28 වන කිලෝ මීටරය සමීපයේ හීන්ඟඟ හරහා ඉදි කර ඇති යකඩ පාලම වසර ගණනාවක සිට ඉතා අබලන් තත්වයේ පැවතීම නිසා මේ වන විට තව දුරටත් පාලම තාවකාලිකව වසා තැබීමට අදාළ අංශ පියවර ගෙන තිබේ.
Read Moreකොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කල ලංගම බස් රථය දැදුරු ඔය අසලදි ගසක ගැටි 21 කට බරපතල තුවාල
Read Moreදුටුගැමුණු රජු,එළාර රජු පරාජයකිරීමේ සටනේදී ශක්තියක් වූ කඩොල් ඇතාගේ දළ යුගල ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ හයවන පෙරහරට ප්‍රථමයෙන් දේව මාලිගයෙන් පිටතට ගෙන පෙරහර අවසන් වන තෙක් ප්‍රදර්ශනය කිරීම (02) වෙනිදා සිට ආරම්භ කෙරිණි.
Read More වාහන 30 කට වැඩි ගණනක් අයාලේ විනාශ වීමට අතහැර දමලා සේවකයින් සිටියත් කාර්යභාරයක් නෑ මහවැලියේ තවත් සුදු අලියෙක් ආයතනය ගොඩගන්න පුලුවන්දැයි බැලීමට නියෝජ්‍ය ඇමති එහි යයි
Read Moreඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව කන්ඩලම වැවට සිරිය ගෙනෙන තවත් වන අලියෙකුගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති අයුරු මේ දිනවල කන්ඩලම වැව ඉස්මත්තේ දී දැකගැනීමට හැකි වී තිබේ.
Read Moreඑදින උදෑසන පැරණි සිරිත් අනුව බස්නායක නිලමේ වලව්වේ පැවති දානමය පිංකමෙන් පසු පෙරහරේ පස් වෙන දිනයෙන් පසු පෙරහැරේ අලි ඇතුන් විසින් රැගෙන ආ ප්‍රථම මාදම් කොළ අතු මිටිය වාසනා හස්ති රාජයා වෙත ලබාදීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා අතින් සිදුකෙරිණි.
Read Moreසියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත්, බුද්ධම, නාපේ ප්‍රදේශයේ පිහිටි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්,කෙසෙල්කුඹුර රජයේ රක්ෂිත වනාන්තරයේ අක්කර 40ක පමණ කැලෑවක් හෙළිකර, කිසියම් සංවිධාත්මක පිරිසක්, එම ඉඩම් අල්ලාගැනීමට උත්සහකර ඇතැයි ජාතික ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අජිත් අගලකඩ මහතා පවසයි.
Read Moreකාත්තන්කුඩි නගරයෙ රට ඉදි අස්වැන්න නෙළිම 29 දින ආරම්භ කිරීමට කාත්තන්කුඩි නගර සභාව කටයුතු කෙරුණි .
Read Moreඋඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග රැසක මිල පසුගිය සති කිහිපයට වඩා පහත වැටී ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙදුන් පවසති.
Read Moreකතරගම වන්දනාවේ ගොස් එම වන්දනා නඩය ආරයම්පතිහි බස්සවා ආපසු පැමිණි බස් රථයක් කිරාන්කුලම් හිදී අනතුරකට ලක්ව තිබේ.
Read Moreකුඹුරු අක්කර හත්දහසකට පමණ ජලය සැපයෙන මිහින්තලේ මහ කනදරා වැව මැදින් දිවෙන පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ කනදරා වැව අසලින්, එම වැව් බැම්මේ රෑස්ස ගස් සහ වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව, පස් කන්ඩි වැව තුලට කඩා වැටීම ආරම්භ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල 2025 ජුනි මස 27 වැනි දින අනතුරට පත් ධීවර යාත්‍රාව සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.
Read Moreනිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකදී අද 28 දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කීපයක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreචීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි ප්‍රථම මංගල ගුවන් යානය 06/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණුනි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංගල්‍යයට සූදානම් කිරීම (23) වෙනිදා සිදුකෙරිණි.
Read Moreලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.
Read Moreක්‍රිකට් ලෝකයේ ප්‍රභල කණ්ඩායමක් වුවත් කිසිම දිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකාව අවසානයේදී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන නියගය හමාර කළේය.
Read Moreතුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreකණ්ඩලම වැව ඉස්මත්තේ වසර ගණනාවක් තිස්සේ සැරි සරමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියාගේ දකුණු අතට වෙඩි වැදී සති කිහිපයක් තිස්සේ ඇවිද ගැනීමට නොහැකිව වැව් තාවුල්ලේ රැඳී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
Read More