මෙම තත්වයන් මත 27වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 18කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 15කින්ද පහල බැස ඇති බවත්ය.
හෝමාගම සති පොළෙහි වෙළඳාම් කරමින් සිටි පළතුරු වෙළෙන්දෙකු එක්වරම බිම ඇද වැටී සිදුවූ අසාත්මික තාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (26) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාෂික් නමැත්තාගේ පුතෙකු වන නදීන් භාෂික් නැමැත්තාට අයත් බව කියන වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ මාවතේ හෝටලයක් ඉලක්කකර අද (27) අලුයම වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් 02/27 දින සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ( Flight Information ) ප්‍රකාශිකාවක පැවසුවාය.
Read Moreආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියට සුදුසුකම් ලත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් තිස් දෙදෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික ප්‍රදානය කිරීමේ උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී (26) දා පැවැත්වුණි.
Read Moreකඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවවරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreපරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තව සතියකින් හෝ දෙකකින් දිවයිනට පැමිණෙනු ඇති බවත් ඉන් අනතුරුව පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreරථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අද (26) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
Read Moreනව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreඋල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන හෙයින් අද (26) පස්වරුවේ උල්හිටියරත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක් මීටර් 0.1 බැගින් විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එය හෙට දිනයේ සිට ලබන 12 දා තෙක් තවාකාලිකව වසා දැමීමට සිදුවන බව ග්‍රහලෝකාගාරය නිවේදනය කරයි.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ කනිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂයක (100000/=) මුදල කාර්යාලය බිඳ සොරාගෙන ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඉකුත් 23 වෙනි දින විපක්ෂ නායකවරයා සක්වල වැඩසටහන යටතේ එම විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මුදල පරිත්‍යාග කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
Read More“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
Read Moreඅනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පෝයස්ථාන පොලිසිය පවසයි
Read Moreදැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතය.
Read Moreගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සහයක නිරත වි 26 දින සිදුවිය.
Read Moreඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම 2024 අයවැය යෝජනාවකි.
Read Moreදැඩි වියළි කාලගුණික තත්ත්වය හා මේ දිනවල අලුයම් කාලයේ පවතින සීතල හේතුවෙන් උඩරට එළවළු වගා බිම් රැසක් විනාශවීමේ අවදානමට ලක්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
Read Moreමැදවච්චිය, ලුණුපැහිච්චාව ගම්මානයේ සිව් දරු පියෙකු පොලිස් ස්ථානාධිපතිවරයෙකුගෙන් හිරි හැර යැයි පවසා ලිපියක් ලියා සිය දිවි හානි කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පී.චන්දනසිරි නැමිති ලුණුපැහිච්චාව ගම්මානයේ පදිංචි ගොවිමහතකි.
Read Moreකරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුර පාර පදේශයේ නිවසක් තුළ අද (26)උදේ සිදුවූ වෙඩි තැබීමකින් කරන්දෙණිය ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
Read More2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවස තුල තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා සමග සිටී කාන්තාවක දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreදීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු හා යුක්රේන ජාතිකයන්ට දින 14ක කාලයක් තුළදී රටින් පිටවන ලෙස දැනුම් දෙන්නැයි ආගමන විගමන පාලක විසින් සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට දින කිහිපයකට පෙරාතුව ලිඛිතව දන්නා තිබුණි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂන් ඔස්ට්‍රේලියවේ පුරවැසිභාවය ලබාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අදාළව පසුගිය 24 දා පැවැති උත්සවයකදී ඔහු මෙසේ එරට පුරවැසිභාවය ලබාගෙන තිබේ.
Read More2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.
Read More’’ අතීතය තුල රටෙහි සිදුවීම් සැලකීමේදී ජනතාව කනාමැදිරි එළියටත් බිය තත්ත්වයක් ඇති නිසා අපෙන් අහනව , අපි ඔබ විශ්වාස කරන්නේ කෙසේද කියා. අපි ඔබට එක සහතිකයක් දෙනව. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය , අබමල් රේණුවකින්වත් හානිවීමට ඉඩ නොතබන බවට අපි සහතික වෙනවා’’ යැයි ජාතික ජනබල වේගය නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී සදහන් කළේය.
Read Moreරාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම් 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreසමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වන්නේ වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන කරුණු කාරණාවලට නොව රට බංකොලොත් වීමත් සමඟ මෙරට කාන්තාවන් ප්‍රමුඛ ජන සමාජයේ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවන බරපතල ඛේදනීය තත්ත්වයට උත්තර සහ විසඳුම ලබා දීම සදහා බවත් බොහෝ දෙනකුට කාන්තාව අමතක වී ඇති මොහොතක කාන්තා ප්‍රඥප්තියක් සකස් කිරිමට යොමු වූයේ අද ඊයේ නොව 2019 වසරේ බවත් මේ එහි දිගුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read More