saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 2542 hours ago

LATEST

උපයන විට ගෙවන බද්ධ ගැන ජනපති ගත්ත තීරණය මෙන්න

calendar_today 2024 අගෝ 28 - 17:37 remove_red_eye - 1025  

ඇහැළියගොඩ ප්‍රදේශයේ අද(28දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ධීවර ජනතාවට අත්‍යාවශ්‍ය වන ඉන්ධන සඳහා සහනාධාරයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කරමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනය පසුගියදා (26) ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කොට ඇත.

Read More

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද(28දා) නිෂ්ප්‍රභා කර තිබේ.

Read More

විධායක ක්‍රමය ජනාධිපතිවරයෙකුට අහෝසි කළ නොහැකි බවත්, එය පාර්ලිමේන්තුව තුළින් සිදු කළ යුතු බවත් ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රි ලාංකිකයින් 55කු අද දින (8/28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Read More

විදෙස් ගමන් බලප්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටු වන බවත්, රජයක් ලෙස සමාව ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

Read More

කෙරවල පිටිය ‘ස්බාදනවි’ බලාගාරයේ පළමු අදියට අද(28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබිණි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29දා) එළිදැක්වීමට නියමිතය.

Read More

වසරකට සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, එමගින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් දායකත්වය ලබාගත හැකි බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ ඒ සඳහා පළමුවෙන්ම මෙරටට ගුවන්තොටුපළ පුළුල් හා කාර්යක්ෂම කළ යුතු බවයි.

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

මෙරටින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

මුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළගත් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් කෝටික දඩයක්ද පැනවුවාය.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.

Read More

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කොන්දේසි සහිත ඇප මත ඇය මුදාහැරීමටද නියම කළේය.

Read More

එළඹෙන මහ කන්නයේදී වැඩි වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි, සහ වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස හෙක්ටයාර් එකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට කටයුතුකළ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයෙකු කැටුව යාමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.

Read More

මෝටර් වාහන කර්මාන්තය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) යටතේ දේශීයව නිෂ්පාදනය කරන ලද Cargo ට්‍රක් රථයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත හඳුන්වාදීම ඊයේ සවස (26) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිණි.

Read More

වී මිල දී ගැනීමේ කටයුතු සඳහා අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (26) තීරණය කල බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලය විසින් බස් මගී ගාස්තු වෙනුවෙන් ටිකට් පත් නිකුත් කිරීමට ජී.පී.ආර්.එස් ටිකට් යන්ත්‍ර සඳහා යොදා ගැනෙන තාපන (Thermal ) කඩදාසි ටිකට් රෝල් මිලදී ගැනීමේදී නියමිත ලංසු පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීමෙන් එම මන්ඩලයට රුපියල් හාර කෝටි විසි අට ලක්ෂ පනස් නව දහස් හතලිහක මූල්‍ය පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබූ වාණිජ අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්වරයෙකුට අයත් රුපියල් 550,000/= ක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය කියයි.

Read More

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මන්ඩල සාමාජික විතානාච්චි දොන් චම්ලි පත්මලාල් මහතා එම ධුරවලින් ඉවත් කරයි.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව නව ලක්ෂ තුන්දහස් එකසිය හැට තුනක් (903163 ) ක් වෙයි.

Read More

පසුගිය 26වැනිදා අභාවප්‍රාප්ත ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ පියාණන්ගේ දේහය අල්ගම, උඩුවක සමුපකාරය ඉදිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2024 අගෝස්තු මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් 2024 අගෝස්තු මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

Read More

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස දිනුවොත් රට පාලනය කරන්නෙ ඔහු නොව ඔහුගේ බිරිඳ,නැගණිය ඇතුළු ’’ප්‍රේමදාස’’පවුලේ සමාගම යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කාන්තාවක් කාමරයක ගිනිගනිමින් සිටියදී බේරාගනියි. සැමියා ගිනිතැබුවේදැයි සැකයක්.

Read More

යටියන්තොට, සීපෝත් ග්‍රාම නිලධාරී වසමට අයත් කොට්ටමලේ ප්‍රදේශයේ දී දඩයක්කරුවෙකු විසින් අටවන ලද කම්බි මදුවකට හසුව සිටි හොදින් වැඩුණු කිලෝ 70ක පමණ බරකින් යුත් කොටියෙකු බේරා ගැනීමට පියවර ගත් බව වනජීවී නිලධාරීහු පවසති.

Read More

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මාස් පතා නිකුත් කරන පක්ෂ නායකයන් සඳහා වූ ජනතා හිතකරත්ව සමීක්ෂණයේදී ජුලි මාසයට අදාළව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ඇති ජනතා හිතකරත්වය විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව එම ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.