saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2522 hours ago

LATEST

කුඩ්ඩාගේ ගෙදර රැඳී සිට අයිස් පානය කළ පොලිස් නිලධාරීන් තිදෙනා වැඩ තහනම්

calendar_today 2024 සැප් 01 - 21:02 remove_red_eye - 304  

සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

තමන් ජනතාවට සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බවත්, බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දී සූදානම් වන්නේ රට නැවත අගාධයට ඇද දැමීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපනයන ආර්ථිකයක් ඇති කළ පසුව බදු බර අඩු කළ හැකි බවද, වෙනත් මාර්ගයක් නොමැති බවද, බොරු පොරොන්දුවලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම් ගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

Read More

ලබන 21 වැනිදා නිර්මාණය වන සිය ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම අනිවාර්යෙන් තහනම් කරන බවත්, ඒ සම්බන්ධයෙන් වන නීති සම්පාදනය කරන බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා භාරදී සීටින හීටපු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් විය.

Read More

කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි

Read More

පක්ෂ මධ්‍යම කාරක සභාව අද(01දා) රැස්වී මෙම තීරණය ගෙන ඇත.

Read More

මෙහිදී අද (01දා) දිනයේදී පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියේය.

Read More

අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

Read More

’’අපි තමුන්නාන්සේලාට කියනව කුඩු වලින් තොර පාතාලයෙන් තොර රටක් ඕනෑනම් තෝරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි මේක තිතට ඉවර කරනවා.මතක තබාගන්න අපි පොඩි මිනිස්සු. ඒක ඇත්ත අපි කාටවත් ණයත් නැහැ බයත් නැහැ මේ වැඩේ අවසන් කරලා තමයි කෙලවර කරන්නේ ’’

Read More

අනුරාධපුර රාජධානියෙන් අනතුරුව පවතින විශාලතම සිද්ධස්ථානය වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කරමින් කෞතුකාගාරයක් පිහිටුවා දැනට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන විශාල විදුලි බිල අවම කරමින් ඒ සඳහා විකල්ප ක්‍රමයක් හඳුනාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 31 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකිමින් සඳහන් කළේය.

Read More

අගෝස්තු මාසයට අදාළවද ගෑස් මිල අඩු නොකිරීමට එම සමාගම කටයුතු කළේය.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල, වලහන්දුව වත්ත නැමති ඉඩමෙන් එහි සේවකයින්ට ඉඩම් කැබලි ලබාදිමේ දි සිදුවි ඇති ඉඩම් අවභාවිතය පිළිබද පරික්ෂණයක් පවත්වා වගකිවයුතු සියලු දෙනාට එරෙහිව විනය පියවර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර් දේශ කොට ඇත.

Read More

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

Read More

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී එම ගුවන් මගියා ද සමග 09/01 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

විදේශීය රටකින් ගුවන්තටුපල හරහා මෙරටට රැගෙන එනු ලැබූ රුපියල් කෝටි 11 කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 610 ක් සමග වයස (24) ක මැලේසියානු ජාතික කාන්තාවක් බෙල්ලන්විල ප්‍රදේශය හෝටලයක් අසලදී ඉකුත් (29) වනදින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

2023(2024) ට අදාළව සකස් කර ඇති මෙම වාර්තාව අනුව මෙරට 10096 ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාවෙහි සිසු සිසුවියන් 3882688 ක් සඳහා අධ්‍යාපන ලබා දීමට සිටින විදුහල්පතිවරුන් හැර සමස්ත ගුරු සංඛ්‍යාව 225,216 කි. එයින් 49521 ක් ගුරුවරු වන අතර ගුරුවරියන් 175,695 කි. ඒ අනුව මෙරට ගුරුවරුන් හා ගුරුවරියන් අතර අනුපාතය 1 ට 3.54 කි.

Read More

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම හා ලංකා අයි.ඕ.සී. සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 307කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 352කි. ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර එහි මිල රුපියල් 202ක් ලෙස පවතී.

Read More

2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දයේ දී නිවැරදි තීන්දුව ගත යුතුයි 2025 සිට රාජ්‍ය සේවක මාසික ජීවන වියදම් දීමනාව රු. 25000 ක් රාජ්‍ය සේවකයාගේ ආරම්භක වැටුප 24%කින් වැඩි කර ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55000ක් -පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

Read More

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අද ( 31 ) සිට සැප්තැම්බර් 03 වන දින දක්වා එම දේවාලය ආසන්නව ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සංචාරය කරන බැවින් පෙරහර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (30)පස්වරුවේ සිට යලි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර , පුත්තලම , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසයි.

Read More

තමන් වෙනත් අයෙකුගේ නමකින් සුරා බදු බලපත්‍රයක් ලබා ගෙන ඇතැයි යනුවෙන් අසත්‍ය ප්‍රකාශයක් කල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය නීතිඥ මාර්ගයෙන් එන්තර වාසියක් යවා තිබේ.

Read More

මෙවර ජනාධිපතිවරණයට අදාලව නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ කටවුට් 169,458 ක් මේ වන විට පොලීසිය මගින් ඉවත් කර ඇතැයි ප්‍රජා පොලිස් සංවර්ධන හා මැතිවරණ කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසයි.

Read More

ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට‍ විවෘත කිරීමට ජපානය එකග වී තිබේ.

Read More

2024 ජුලි මාසයේදි මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගය පරාජය කරමින් සමගි ජන බලවේගයෙ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක දැක්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.