saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2128 hours ago

LATEST

2023දී රජයේ අපේක්ෂිත බදු ආදායම උපයා ගැනීමට බැරි වෙලා

calendar_today 2024 මැයි 23 - 11:32 remove_red_eye - 554  

2023 වර්ෂය තුළ රජයේ අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

වෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278කට විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබේ.ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇත.

Read More

වසර පහකට පසු වෙසක් සැරසිලි සඳහා ඉහළම ඉල්ලුම මෙවර සිදුවූ බවත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනවලින් අතිබහුතරයක් ඊයේ (22දා) වන විට අළෙවි වී තිබූ බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

2023-2024 වර්ෂය සඳහා පැවැත් වූ ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහෝ දින අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

Read More

පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස් විය.

Read More

මෙරටට පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන අර්තාපල් ඇතුලේ මත්ද්‍රව්‍ය රඳවා රුගෙන එන බවට තොරතුරැ ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (22දා) අර්තාපල් ආනයනය පිළිබඳ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව හමුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බවට සඳහන් කර පසුව නොපැමිණීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

රුපියල් මිලියන 1795.30ක මුදලක් වැය කර ඉදිකෙරෙණ අනුරාධපුර දක්ෂිණ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථායේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මකයි.

Read More

5 ශ්‍රේණිය සිසුන් සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව අද (22) නිවේදනය කළේ ය.

Read More

තව වසර දොළහක් මෙරට පාලනය කිරීමට වත්මන් ජනාධිපතිතුමාට බලය ලබා දිය යුතු බවත් එය එසේ නොකොට වෙනත් පුද්ගලයකුට මේ රට භාර දීමට කටයුතු කළොත් පෙර තිබුණ තත්ත්වයට යළි රටේ අඳුරු අගාධයකට වැටෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (22) ගාල්ලේ දී ප්‍රකාශ කළේය

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය නියෝග කළාය.

Read More

2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන “ජන සංහාරය” පිළිබඳ අසත්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මස්කෙලිය අවිස්සාවේල්ල මාර්ගයේ වසර 26 ක් රියදුරෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා ගැනිමට නියමිතව සිටින අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ ඩි.කේ.ඇන්ටන් ප්‍රනාන්දු මහතාට නෝටන්බ්‍රිජ් ප්‍රදේශවාසින් විසින් (22) දින උපහාර පිදිමක් සිදු කරනු ලැබුහ.

Read More

මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කරයි

Read More

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.

Read More

ලෝක ශූර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇංජලීස් නුවර පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනා ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22දා) පැමිණියහ .

Read More

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම පිටිපන උතුර , කිරිබේරිය කැලේ, 61 හැවිරිදි පරිගණක ඉංජිනේරුවරයකු බව පොලිසිය කියයි

Read More

හෝමාගම පිටිපන දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් තුළ තිබී දින හතරකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මෙමගසා කඩා වැටුන අවස්ථාවේදී පාසල පැවැත්වූ දිනයක් වූවානම් හෝ රථවාහන ගමන් කළානම් මෙයිට වඩා විනාශයක් අපට දැකගත හැකිවන බව කාගේත් මතයයි.

Read More

මොරන්තුඩුව පොල්හේන පන්සල පාරේ නිවසක් තුළදී මස්සිනා සහ ඔහුගේ පියා විසින් පුද්ගලයෙකුට කඩු දෙකකින් පහරදී ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 ඇසල මංගල්‍යය සඳහා කප්සිටුවීම මැයි මස 24 වෙනිදා උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදුකෙරේ.

Read More

රුපියල් කෝටි 20 හෙවත් රුපියල් මිලියන 200 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/21 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියකි .

Read More

ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 කු අද දින (5/21) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී. මෙම පිරිසට තරුණියන් 6 දෙනෙකුද අයත් වේ.

Read More

ලංකා ප්‍රිමියර් ලිග තරගාවලියට අදාළ ක්‍රිඩක ‍වෙන්දේසිය අද කොළඹදි නිමාවට පත්විය. මෙම වෙන්දේසියේ ශ්‍රි ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතිෂ පතිරණ ඩොලර ්120000කට අලෙවි වූ අතර එය වාර්තා පොතට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලිග ඉතාහිසයේ ක්‍රිඩකයෙක් වෙන්දේසි වූ ඉහළම වටිනාකම ලෙසයි. මතිෂ කොළඹ කණ්ඩායම විසින් මිලට ගනු ලැබිය. මෙවර වෙන්දේසියට ක්‍රිඩකයන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද 21 සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read More

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට දරු උපත් වලින් 99.9 % ක් සිදුවන්නේ රෝහල්වල බවත්, 1950 ගණන්වල එය සියයට 40 ක් පමණ අගයක් ගත් බවත්, අනෙකුත් දරු උපත් සිදුවූයේ නිවෙස් වල බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.