හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් කොළඹ ජාතික රෝහලට
නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ වාට්ටු අංක 48 ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉකුත් 31 වෙනි දින ඔහු මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ නිවසේදී අත්අඩංගුවට ගෙන එදිනම රාත්‍රී නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඔහු බන්ධනාගාරයේ සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඊයේ රාත්‍රි ඇතුළත් කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
