සැප්තැම්බරයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල අඩුවක්
මේ වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල පහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 577ක් ලෙස සටහන් වුවත් සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 556ක් දක්වා පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසදීමේදී ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරයි. 2023දී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 482ක් විය.
මේ වසරේ මාර්තු මාසයේ සිට අඛණ්ඩව සැප්තැම්බර් මාසය දක්වා විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ.
එසේම 2023 ජනවාරි සිට සැප්තැම්බර් මාසය යන කාලයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 4345 ලැබී තිබුණ අතර 2024 වසරේදී එම කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4844 ක් ලෙස වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
