saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2113 hours ago

LATEST

රිමාල් තවත් සැර වෙයි

calendar_today 2024 මැයි 26 - 19:27 remove_red_eye - 674  

නැගෙනහිර බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (26) මධ්‍යම රාත්‍රීය වන විටද සුළු කුණාටුවක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වැටුපවැඩිකිරීමට ජනාධිපතිතුමා විසින් තීරණය කළ බවත් එම තීරණයට එකඟ නොවුනහොත් රජයට අයත් වතුසියල්ලම යළි රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙන බවත් කම්කරු හා විදේශරැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා අද ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

Read More

අතීතයේ යාපනයේ පැවති “යාපනය ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇති බව කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා පවසයි.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඉදුරුව තේක්කවත්ත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් අද(26) දහවල් දුම්රියේ ගැටී එහි ගමන් ගත් රියදුරු

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ජලය පිරී තිබූ අඩි සියයක් පමණ ගැඹුරු ගල් කොරියක ස්නානයට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු දිය ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

Read More

මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහරක් අතරතුර ඊට සහභාගි වී සිටි මාලිගාව ඇත්පන්තියට අයත් රාජු නමැති හස්තියාගේ පහරකෑමට ලක්වූ එම හස්තියාගේ ඇත් ගොව්වා බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කොට තිබේ .

Read More

මාතර දිස්ත්‍රික්කය පුරා පසුගිය දිනවල පැවති තද සුලං තත්වය හේතුවෙන් නිවාස 300 කට පමණ අර්ධ හානී සිදු වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ජනාධිපතිවරණය ඔක්තොම්බර් මස පැවැත්වෙන බවත්, එය කිසිකෙනෙකුට වෙනස් කල නොහැකි බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොම්බර් මාසයේ 17 වන දිනට පෙර පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

Read More

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස්, ගල්,සමග පස් කඳු කඩාවැටීමේ අවදානම සැලකිල්ලට ගෙන අදත් 25 රාත්‍රී කොළඹ බදුල්ල අතර රාත්‍රී දුම්රියයන් හතරක් ධාවනය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්‍රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව සැකකරුවෙක්ද අත්අඩංගවට ගැනිමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරු පිළිබඳව ‌නිවැරදි තොරතුරක් දෙන අයෙකුට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවද පොලීසිය නිවේදනය කරයි.

Read More

අයහපත් කාලගුණයේ බලපෑම නිසා මතුවී තිබූ ගස්කඩා වැටීමේ අවදානම හා ස ංඥා පද්ධති හා සන්නිවේදන බාධා නිසා තාවකාලිකව නවතා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ සහ කොළඹ බදුල්ල දුම්රියන් අද 25 අලුයම සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉකුත් වසර ගණනාවක්ම අඛන්ඩව මෙරටට වැඩිම අපනයන ආදායමක් ලබාදුන් ඇමෙරිකා එක්සත් ජනපදය 2023 වසරේද මුලු අපනයන ආදායමෙන් සියයට 23.2 ක ප්‍රතිශතයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2769 ක් වූ වැඩිම ආදායමක් මෙරටට ලබා දෙමින් අපනයන ගැනුම්කරුවන් අතරින් ප්‍රථම තැන හිමිකරගෙන සිටී .

Read More

ස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රී දුම්රියන් අද 24 අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.30 තෙක් වලංගු වෙයි.

Read More

රත්ගම බූස්ස පිංතාලිය හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (23) රෑ යතුරු පැදියක් දුම්රියේ ගැටී තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව රත්ගම පොලීසිය කියයි.

Read More

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති කානිවල් සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් ඊයේ (23) රාත්‍රි හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි .

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

නිශ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, ඉන් අයදුම්කරුවන් 3422ක් සමත් වී තිබේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3580 පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 කි.

Read More

වෙසක් පෝය යෙදුණු අද (23) දින උදේ 5.00 පමණ සිට දහවල් 3.00 දක්වා පැය දහයකට වැඩි කාලයක් අහුන්ගල්ල, බලපිටිය කොස්ගොඩ, වතුගෙදර ,අලුත්වල බටපොල , මීටියාගොඩ ,අම්බලන්ගොඩ, ප්‍රදේශවල ගම්මාන රැසක දහස් ගණන් ජනතාවට ජලය අත්හිටුවීමෙන් එදින පන්සල් වලට දාන මාන සකස් කර ගැනීමටද දායකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී තිබුණ බව විදුලි බල හා බලශක් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 51,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 258 ක තොගයක් සමග ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ද ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/23 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

2023 වර්ෂය තුළ රජයේ අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

Read More

වෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278කට විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබේ.ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.