මුහුදට තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයෙකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විදෙස් ගමන් තහනමක් අද (29) නිකුත් කළේය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නැහැ ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමටත් තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් හැකි වුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. මේ වන විටත් විධායක බලතලවල කොටස් ගණනාවක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබා දී තිබෙනවා- ජනපති.
Read Moreසංචිත කළමණාකරනය කර ගැනිමට හැකියාවක් ඇති බවත් ඒ අනුව වාහන ආනයන සිමා ක්‍රමයෙන් ඉවත් කිරිම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreදඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ.
Read MoreISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව
Read Moreජාතික ගුරු බලය සංවිධානයේ ප්‍රධාන ලේකම් එල් .ආර් .මනතුංග මහතා ප්‍රකාශ කළේ කාලයක් තිස්සේ විසඳා ගත නොහැකි වූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳා ගැනීම සඳහා බලකිරීමේ ක්‍රියාදාමයකට යොමු වෙමින් මෙලෙස මෙම දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි.
Read Moreවිවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
Read Moreතිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලකට අලුතින් රථයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
Read Moreඅද පෙරවරුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි.
Read Moreමෙම වරද සිදුකළ නඩුවට මුහුන දුන් පුද්ගලයා මේවන විට සිරදඩුවම් ලබා නිදහස් වී ඇත. ඒ අනුව අධිකරණය මග හැර ඕට්‍රේලියා රටේ සැගවසිට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිය නිවසේම රැදී සිටි අධිකරණයට අවශ්‍ය පුද්ගලයා මදුරන්කුලිය පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
Read Moreරාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreවතු කම්කරු වැටුප් වැඩි නොකරන සියලුම වතු රජයට පවරා ගැනීම සඳහා සිය සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඊයේ (28දා) පස්වරුවේදී පිටිගල පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලීසිය පවසයි.
Read Moreමේ මොහොතේ දී කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව තවත් අවුරුදු දෙකක කාලයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කිරීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුරකුමාර දිසානායක මහතා මැදිහත් වී එය සිදු කළ යුතු බවයි.
Read Moreජාඇල කණුවන සමූපාකාර ග්‍රාමීය බැංකුව තුල දින තුනක් රැඳී සිට සේප්පු කපා රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කිලෝ 2 ක බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයා පැය 48 ක් යාමට මත්තෙන් කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හොරයින් මත්කුඩු මිලිගෑම් 11200 ක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි
Read Moreශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ ස්ට්‍රොබෙරි පැළ සිටුවීමේ කටයුතු මේ වනවිට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි.
Read Moreමැලේසියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/27) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreමැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
Read More2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට තීරණය වි ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreරුපියල් 500 ක් හොරෙන් ගත්තැයි වැඩිමහල් සොහොයුරාට අතින් පයින් පහරදී ඝාතනය කල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.
Read Moreදහ හත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
Read Moreනැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.
Read Moreඋතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු තවත් දෙමසකින් පමණ ප්‍රමාද වන බැවින් මගීන්ට සිදුවන අපහසුතා වැලැක්වීම සඳහා පොසොන් පොහොයට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreරාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන ඵකී වැටුප් විෂමතාවන් පිළිබදව කරුණු අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
Read Moreපින්වත් උපෝසථාරාම පාරේ පදිංචිව සිටි ජයන්ත සිල්වා නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.
Read Moreහෙල රජ දවසින් පසු මෑත ඉතිහාසය තුළ රුවන්වැලි සෑ රදුන් ඉදිරිපිට පැවැත්වූ විශාලතම ශබ්ද පූජා පින්කම අද (28දා) උදෑසන රුවන්වැලි සෑ රදුන් අබියස දී සිදු කෙරිණි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පවැත්වෙන බවත්, ඒ සඳහා අයවැයෙන් බිලියන 10 ක් වෙන් කොට තිබෙන බවත්, මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඋතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශ පහෙන් හතරක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීමට උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර ඇත.
Read Moreබලපිටිය හරස්පල ධීවරවරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අද (28) ධීවරයෙකු මියගොස් තවත් අයකු අතුරුදහන් වී ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි.
Read More