saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2082 hours ago

LATEST

දෙමව්පියන්ට පහරදී දාහතර හැවිරිදි දැරියක් පැහැරගෙන: භූගත කුටියක සඟවා සිටි දැරිය සොයාගනී

calendar_today 2024 ජුනි 12 - 11:05 remove_red_eye - 824  

බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට ඉකුත් නවවෙනිදා පැමිණි පිරිසක් දෙමව්පියන්ට පහරදී නිවසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බුත්තල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

මෙවර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් සිය සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් අද (12) සවස 2.00 වන විට ඇගයීම් කටයුතුවලින් ඉවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් දන්වා සිටියි.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

Read More

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි කැළුම් තුෂාර සිල්වා මහතාගේ සැමියාගේ හදිසි වියෝවෙන් දැඩි ලෙස කම්පනය හේතුවෙන්

Read More

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද(12දා) මාධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

Read More

අද(12) උදෑසන මාකුඹුර අධිවේගී හුවමාරු බස් නැවතුම්පලේ තුලදී පෞද්ගලික බස රථයක තිරිංග අක්‍රිය වී රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් තවත් බසයක ගැටී බස් නැවතුම්පොළ ගොඩනැගිල්ල කඩාගෙන ධාවනය වී

Read More

ගතවූ දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරය තුළ බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් උද්ගතව ඇතැයි කොළඹ මහ නගර සභාව අනතුරු අඟවයි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් රැදී සිටිමට තිබූ බලාපොරොත්තු බොඳ කරමින් නේපාලය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යොමු නෙකර අත්හැර දැමීමට සිදුවිය.මෙ අනුව ශ්‍රී ලංකාව පළමු තරග දෙකත් පරාජයට පත්වූ හෙයින් තරගාවලියේ ඊළඟ වටය සඳහා ගමන් කිරීමට තිබූ අවස්ථාවද අහිමිව ගියේය.

Read More

වතුර තත්ත්වය නිසා හා වෛරස් තත්ත්වයන් යටතේ මරණයට පත් වූ කුකුළු මස් වෙළෙඳ පොළට පැමිණෙන බවට තොරතුරු වාර්තා වී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

Read More

පාස්කු ප්‍රහාරය වැනි යම් සිද්ධියක් පොසොන් උත්සවය ඉලක්ක කර ගනිමින් ඓතිහාසික මිහින්තලා පුදබිම තුළදී සිදු වුවහොත් ඊට වගකිවයුත්තන් එල්ලා මැරීම නොව, මෝරුන්ට කෑමට දැමිය යුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ

Read More

දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන.ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ .අපි දැන් එදාට වඩා අද ශක්තිමත් ..ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ .මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

Read More

ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ජනාධිපතිවරණය කල් දැමිය හැකි බවට විවිධ පුවත් නිර්මාණය කළද ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදි පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

තොප්පියක් පැලඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුල් වුණැයි කියමින් මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (11) සමාව ගත්හ.

Read More

එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

දිවයිනේ රජයේ පාසල් පද්ධතිය අතර මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසල් 1473 ක් තිබෙන බව අනාවරණය වෙයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළකාලමින් නිකුත් කර තිබු වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියම කළේය.

Read More

මෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරණු ලබන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද දින (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු විය.

Read More

මලාවි රාජ්‍යයේ චිකාන්ගාවා වනාන්තරය ආශ්‍රිතව ඊයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් එරට උප ජනාධිපති සායුලොස් චිලිමා ඇතුළු නව දෙනෙකු මරණයට පත්වූ බව බලධාරීන් පවසයි.

Read More

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

පහලොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපහරණය කළා යයි වරදකරුවකුවූ අයෙකුට වසර 15 ක බරපතල වැඩසහිත සිර දඩුවමක්,වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් හා රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.

Read More

කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන්

Read More

අවිස්සාවේල්ල අමිතිරිගල මාර්ගයේදී සිදු වූ තිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් සංවිධානාත්මක අපරාධකරු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් අනාවරණ වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් විශාල ප්‍රමාණයකගෙන් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

කාන්තාර ප්‍රදේශවල විදුලි උත්පාදනය හා පරිසර සංරක්ෂණය පිළිබඳ සමගාමී ව්‍යෘපෘතිවලින් චීනය පුළුල් ප්‍රගතියක් අත්කර ගනී.

Read More

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03 වන දින සිට ක්‍රියාත්මක කල බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අද (11) සදහන් කළේය.

Read More

කොලඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.

Read More

තම මිතුරා සමග එක්ව බිරිඳව ඝාතනය කළ සැමියෙක් මිතුරාද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තලංගම පොලිස් වසමේ තලාහේන ප්‍ර දේශයේ නිවසක කුලියට ජිවත්ව සිටියදී මෙම ඝාතනය සිදුව තිබේ.

Read More

කල්පිටිය දූපත් සමූහයට අයත්, සංචාරක සංවර්ධන අධිකාරීයට මුලුමනින්ම පවරා දී ඇති, උච්චිමුණේ දූපතේ ව්‍යාපාරික වටිනාකමින් යුතු ඉඩම් කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැ යි, සංචාරක සංවර්ධන අධිකාරියේ පුත්තලම ප්‍රාදේශීය නිළධාරී මනෝජ් රත්නායක මහතා චෝදනා කරයි.

Read More

රත්තොට බස් නැවතුම් පෙළේදී පසුගිය අටවෙනිදා පැවැත්වින පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු ඇමති පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනා කර නොතිබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

Read More

මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.