saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2065 hours ago

LATEST

ටිකිරි මැණිකේ වටගොඩ පාලමේදී පිලි පනියි

calendar_today 2024 ජුනි 16 - 11:44 remove_red_eye - 128  

කොළඹ කොටුවේ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබු අංක 1023 දරණ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමටකට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද (16) බාධා එල්ල වී පැවැතිණි.

සංගීත ප්‍රසංගයකදී තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දෙවන පෙල ජේලර්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

Read More

කඳුකර කොටියෙකු නිවසේ ඇති කරන ලද සුනඛයෙකු ගොදුරු කර ගැනීම සඳහා කොත්මලේ, නව තිස්පනේ, දොඹගස්තලාව ගම්මානයේ නිවසට පැමිණෙන අයුරු එම නිවසේ සවි කොට තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් තමන් බියට පත්ව ඇතැයි එම ගම්මානයේ වැසියෝ පවසති.

Read More

එදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ මතවාදීව ගැටලු තිබුණ .. අපගේ දේශපාලන මතය කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ගෞරවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට හිමිවෙනවා...

Read More

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක් ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.

Read More

2024 වසරේ පළමු කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.6කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. 2023 පළමු කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථිකයේ හැකිලීම සියයට 10.7ක් විය.

Read More

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි 26-27 රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

Read More

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් දිය යුතු ප්‍රතිපාදන ලබා දුන්නා. රටේ ශක්තිය අධ්‍යාපනයයි – ජනපති.

Read More

ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය.

Read More

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් 13 වැනි සංශෝධනය පිලිබදව යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

Read More

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 6/13 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළබෙන ජූලි මාසයේ සමීක්ෂණයක් හරහා සිය ජනප්‍රියත්වය මැණ බලන බවත් එහිදීත් ඔහුට හිමි වනුයේ තුන්වන තැන නම් ජනපතිවරණය සදහා ඉදිරිපත් නොවනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශය අවට පිහිටි සියළුම රෝහල් සහ පොලිස් ස්ථාන දැනුවත් කල බවත්, බිළිදු මල සිරුරේ දෙමව්පියන් සෙවිම් කටයුතු දියත් කර ඇති බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

Read More

සමාජ මාධ්‍යයේ පලවන විවිධ ප්‍රකාශ හේතුවෙන් දේවාල වල ආදායම සියයට පනහකින් අඩුවී ඇති බවට බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකොට ඇති ප්‍රකාශයට බස්නායකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සබරගමුව බුල්තුමේ මහා සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා දැඩි විරෝධයක් දක්වමින් එම සංගමයට ලිපියක් යොමු කොට තිබේ .

Read More

මීටියාගොඩ පොලිස්ය වසමේ වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් පැදවූ යතුරු පැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

Read More

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

මැයි මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන මාසයේ ක්‍රිඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ.

Read More

වී වගාව සඳහා ගොවීන් යුරියා පොහොර යොදා ඇතත් බණ්ඩි පොහොර යෙදීමට පියවර ‌ නොගැනීම ‌ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වී වගාවේ ගොයම් ගස් කහ පැහැති වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

සිය වාසිය බලා පක්ෂය හා පාට මාරුකරන දේශපාලකයන්,අනුගාමිකයන් ඉන්නා අපේ රටේ දශක අටකට වැඩි කාලයක් තිස්සේ තමන් දර දිය ඇද්ද පක්ෂය මරණයේදී පවා ප්ර දර්ශනය කරමින් මිය ගිය අයෙකු පිළිබඳ කරන්දෙණිය මීගස්මිටියෙන් වාර්තා වේ.

Read More

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අය වැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දීමනා හා වෙනත් දීමනා 2023 ජනවාරි මාසයේ සිට අනුමත ප්‍රතිපාදන ඉක්මවා 60.39% ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජුනි මස 10 වැනි දා නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට හිමි කර දීමට මැදිහත් වෙන්න – ජනපති පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලයි

Read More

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Read More

සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා – ජනපති.

Read More

සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල ආරුක්කු නමය පාලම අසල බඹරවද ඇවිස්සීම නිසා ඇතිවන අවදානම වැළැක්වීමේ අරමුණින් බඹර කූඩු ඉවත් කිරීම සහ බඹරවද නැවත සකස් කිරීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද 13 දින සිට ක්රි යාත්මක කරන බව ඇල්ල ප්රාඉදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය.

Read More

රුපියල් හතලිස් එක් කෝටි දහ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් නවයක මුදලක් අන්තර්ජාලය ඔස්සේ හදුනා ගත් ව්‍යාජ රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් විසින් තමන් රවටා ලබා ගත් බවට වූ පැමිණිළි 119 ක් ඉකුත් 2023 වසරේ සහ 2024 වසරේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමක දී 06/13 දින පැවසීය

Read More

තව වෘත්තීමය ගැටලු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි යෝජනා සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් හෙට පස්වරු 2න් පසු ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.