saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11196 hours ago

LATEST

කොළඹ ෂැංග්‍රීලා හෝටලය වසා දමයි

calendar_today 2019 අප්‍රේ 22 - 14:13 remove_red_eye - 1361  

නැවත දැනුම් දෙන තුරු කොළඹ ෂැංග්‍රීලා හෝටලය වසා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

දෙසැම්බර් මාසයෙන් පසුව ප්‍රථම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක කවුන්සිල රැස්විමට එක්ව තිබේ.

Read More

එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට නැගෙනහිර දිග මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 275 අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.

Read More

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තමන් කැබිනට් මණ්ඩලයේදී පවා සඳහන් කළ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Read More

පල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

Read More

ප්‍රහාරවලින් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට රජය තිරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Read More

වත්තල හා ජා ඇළ ප්‍ර දේශවල නල ජලයට වස මිශ්‍රවී ඇති බවට වාර්තාවන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

අද රාත්‍රී 8 සිට පසුදා පෙ.ව. 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටවීමට ඒම පක්ෂය තීරණය කර තිබේ.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

Read More

සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රි ලංකාව විශාල ලෙස මේ වසරේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාරය ගැන කනගාටුව පළකරමින් ඊශ්‍රායෙලයේ තෙල් අවිව් නගර චතුරස්‍රය ලංකාවේ කොඩියෙන් වර්ණවත් කර තිබුණි.

Read More

ගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම වැඩි ඉඩක් ඇති බවට ඉන්දිය ආරක්ෂක අංශ විසින් ශ්‍රි ලංකාවට කලින්ම තොරතුරු දන්වා ඇති බව වර්තා වෙයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.

Read More

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ තමන් එම හෝටලයෙන් නික්ම ගොස් සුළු මොහොතකින් බව ප්‍රකට ඉන්දීය කොලිවුඩ් නිළියක් වන රාධිකා සරත් කුමර් සිය ට්විටර් ගණුමෙන් සඳහන් කරන්නීය.

Read More

පවතින අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හා කොළශ පිහිටි ඇමෙරිකානු කේන්ද්‍රය හා අනෙකුත් පියස්ද වසා දමා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.

Read More

රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැළකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියළුම පළාත් රාජ්‍ය ආයතන වෙතට අද (22දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

Read More

වහාම තම රෝහල්වෙත ගොස් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂණවරුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ටි. 56 අවි සඳහා යොදන සජිවී පතොරම් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ් ඇසුරුමක් සමග දියතලාව කහගොල්ලේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ හා මඩකලපුව සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට දඹුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙව 9ට පැවැත්විමට නියමිතව තිබේ.

Read More

පොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් මේ වන විට ලංගම හා පේද්ගලික බස් සේවා හා දුම්රිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමිත් තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර 4/21 දින මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

Read More

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21දා) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය. රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර සුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි

Read More

ඊයේ පනවූ ඇඳිර නීතිය අද පෙ.ව. 6ට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.