saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10628 hours ago

LATEST

හෙට අවදානය යොමුකළ යුතු උණුසුමක්

calendar_today 2019 ජුලි 02 - 18:45 remove_red_eye - 337  

හෙට (03දා) මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව කොළඹ ප්‍ර ධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ එල්ලූම්ගහ නැවත ක්‍රියාත්මක කිරිම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හොරොයින් මත්කුඩු ග්‍රෑම් 27ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ වරදකට වරදකරු වූ කොළඹ මාලිගාවත්තේ පදිංචිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

Read More

සිංහල පුරුෂයෙක් සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවක් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් පැවැසුවේ අටලුගමදී තම පවුලට විවිධ හිරිහැර සඳහා මුහුණදීමට සිදුවූ බවයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් විම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හේනානිගල ආදිවාසි ජනතාවට ජිවත් විමට කිසිදු ආදායමක් නොමැතිකම නිසා කැද බිමටවත් හාල් ගන්න මී පැණි රැගෙන අලෙවි කර ගැනිමට පොළොන්නරුවට පැමිණි බව හේනානිගල ආදිවාසි නායක ඌරුවරිගේ මුතු බණ්ඩා කියයි.

Read More

ශ‍්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවැත්වෙන වස් ආරාධනා පිංකම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතැයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි මවක් සහ දියණියක් බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.

Read More

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි තේ වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් අනවසර මැණික් ගැරිමක නිරතව සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

Read More

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.

Read More

තමන්ට ලබාදුන් වසර හයක සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ ඇපෑලක් ගොනු කළේය.

Read More

පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන් නිරන්තරයෙන් නිලධාරීන් දැනුවත් කරමින් පරිසර විනාශයන් අවම කිරිමට පියවර ගන්නා ලෙද දැනුවත් කළද, වැලි ජාවාරම් කරුවන් සුක්ෂම ලෙස නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා පරිසරයට දැඩි විනාශයන් සිදු කරති.

Read More

සිවිල් ආරක්ෂක නිලධාරින් යොදවා සිය නිවස ඉදිකිරිම ඇතුළු චෝදනා 6කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට වසර 6ක සිර දඬුවක් හා රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

2018 වසරේ ජුලි 01 දා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් බවත් 2019 වසරේ ජුලි 01 දා වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

Read More

රාජ්‍ය මුදල් අපහරණය නතර කර හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල පිරිසිදුව නවීන පහසුකම්වලින් යුත් රෝහලක් ලෙස ජනතාවට දායාද කිරීමට යහපාලන රජයට හැකියාව ලැබුණ බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සළකා බැලීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

Read More

රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප‍්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

Read More

ඔහුට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබේ.

Read More

සංහිඳියාව පලුදු කරන ලද, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළපොත්වල ඇතුළත් කර තිබේදැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත්කරන ලද විශේෂ කමිටුව විසින් ප්‍රධාන ආගම් 05ක පෙළපොත් අධ්‍යයනය කරන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පැවසීය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිබේ.

Read More

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුණු 104 ක් රැස් කළේය

Read More

උතුරු කොළඹ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පරිගණක ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා තීරණය කර තිබේ.

Read More

පොළොන්නරුව නව නගරයේ පිහිටි ඉඩමකට බලපත්‍රයක් සකස් කර දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් තිස්දහසක් අල්ලස් මුදලක් ලබා ගත් අනුරාධපුර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් නිලධාරියෙකු අද (1) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.

Read More

විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව, විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ලබා නොදීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.