saravita-anim2

2025 ජුනි මස 15 වන ඉරිදා

2025 ජුනි මස 15 වන ඉරිදා

Latest News - timelapse 1590 hours ago

LATEST

ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

calendar_today 2024 ජුනි 15 - 13:00 remove_red_eye - 270  

ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය.

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් 13 වැනි සංශෝධනය පිලිබදව යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

Read More

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 6/13 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළබෙන ජූලි මාසයේ සමීක්ෂණයක් හරහා සිය ජනප්‍රියත්වය මැණ බලන බවත් එහිදීත් ඔහුට හිමි වනුයේ තුන්වන තැන නම් ජනපතිවරණය සදහා ඉදිරිපත් නොවනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශය අවට පිහිටි සියළුම රෝහල් සහ පොලිස් ස්ථාන දැනුවත් කල බවත්, බිළිදු මල සිරුරේ දෙමව්පියන් සෙවිම් කටයුතු දියත් කර ඇති බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

Read More

සමාජ මාධ්‍යයේ පලවන විවිධ ප්‍රකාශ හේතුවෙන් දේවාල වල ආදායම සියයට පනහකින් අඩුවී ඇති බවට බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකොට ඇති ප්‍රකාශයට බස්නායකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සබරගමුව බුල්තුමේ මහා සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා දැඩි විරෝධයක් දක්වමින් එම සංගමයට ලිපියක් යොමු කොට තිබේ .

Read More

මීටියාගොඩ පොලිස්ය වසමේ වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් පැදවූ යතුරු පැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

Read More

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

මැයි මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන මාසයේ ක්‍රිඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ.

Read More

වී වගාව සඳහා ගොවීන් යුරියා පොහොර යොදා ඇතත් බණ්ඩි පොහොර යෙදීමට පියවර ‌ නොගැනීම ‌ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වී වගාවේ ගොයම් ගස් කහ පැහැති වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

සිය වාසිය බලා පක්ෂය හා පාට මාරුකරන දේශපාලකයන්,අනුගාමිකයන් ඉන්නා අපේ රටේ දශක අටකට වැඩි කාලයක් තිස්සේ තමන් දර දිය ඇද්ද පක්ෂය මරණයේදී පවා ප්ර දර්ශනය කරමින් මිය ගිය අයෙකු පිළිබඳ කරන්දෙණිය මීගස්මිටියෙන් වාර්තා වේ.

Read More

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අය වැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දීමනා හා වෙනත් දීමනා 2023 ජනවාරි මාසයේ සිට අනුමත ප්‍රතිපාදන ඉක්මවා 60.39% ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජුනි මස 10 වැනි දා නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට හිමි කර දීමට මැදිහත් වෙන්න – ජනපති පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලයි

Read More

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Read More

සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා – ජනපති.

Read More

සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල ආරුක්කු නමය පාලම අසල බඹරවද ඇවිස්සීම නිසා ඇතිවන අවදානම වැළැක්වීමේ අරමුණින් බඹර කූඩු ඉවත් කිරීම සහ බඹරවද නැවත සකස් කිරීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද 13 දින සිට ක්රි යාත්මක කරන බව ඇල්ල ප්රාඉදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය.

Read More

රුපියල් හතලිස් එක් කෝටි දහ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් නවයක මුදලක් අන්තර්ජාලය ඔස්සේ හදුනා ගත් ව්‍යාජ රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් විසින් තමන් රවටා ලබා ගත් බවට වූ පැමිණිළි 119 ක් ඉකුත් 2023 වසරේ සහ 2024 වසරේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමක දී 06/13 දින පැවසීය

Read More

තව වෘත්තීමය ගැටලු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි යෝජනා සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් හෙට පස්වරු 2න් පසු ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Read More

බදුලු ඔයේ මසුන් හිටි හැටියේ මියයාමට පටන් ගෙන මේ දිනවල මසුන් විශාල වශයෙන් බදුලු ඔයේ ජලයේ පාවෙමින් එන බව ජනතාව පවසති.

Read More

මානසික ආබාධිත ළමයෙකුට අලුත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට තිදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.

Read More

අද දින උදෑසන මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් පිලී පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණී.

Read More

‍මහා භාණ්ඩාගාරයේ රු කොටි තුන්දහසක මුදල් වැය කර රට තුල ඉදි කිරිම් ගණනාවක් සිදු කර ඇති බවත්, එම ඉදි කිරිම් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඇති බව පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ සමාජික සහ ගම්පහ දිස්ත්‍රික් පා.ම අජිත් මානප්පෙරුම (ස.ජ.බ) මහතා පැවසිය.

Read More

අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටේ තරුණ තරුණියන්ට‌ ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

විදේශී රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් මෙරට නිෂ්පාදනය කරන දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට සිදුවන බලපෑමට විරෝධය දකවමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂණයක් අද (13 )මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී පැවැත්විණී.

Read More

තිළිණි පියුමාලි නමැත්තියගෙන් ඩොලර් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන වංචා කළැයි කියන කාන්තාවක් ලබන 26වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12දා) නියම කළාය.

Read More

දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ. Kantar’s BrandZ විසින් වාර්ශිකව මෙම ශ්‍රේණිගත කිරිම ප්‍රකාශයට පත්කරයි.

Read More

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.