saravita-anim2

2025 ජුනි මස 11 වන බදාදා

2025 ජුනි මස 11 වන බදාදා

Latest News - timelapse 1534 hours ago

LATEST

කලාවැවේ පිටවානේ කර ඇති විනාශයක්

calendar_today 2024 ජුනි 24 - 16:50 remove_red_eye - 652  

කළාවැවේ පිට වාන අභියස ඇති කළු ගල කැනීම් සිදු කර එහි තිබූ නිධානයක් කිසියම් පිරිසක් විසින් ලබා ගෙන ඇති බවට යන සිද්ධියේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කළාවැව යටතේ වගා කටයු සිදු කරන මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අද(24) අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඊට සම්බන්ධ පිරිසට දඩුවම් කරන ලෙස ඉ

ද්විපාර්ශවිය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කිරීම පදනම් කර ගෙන රට බංකොලොත් බවින් මිදුනා යැයි පවසමින් සැණකෙලි පවත්වන්න ආණ්ඩුව සූදානම් වුවද සැබැවින්ම රට බංකොලොත් භාවයෙන් මිදී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (24) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

කුරියර් ක්‍රමයට කේරළ ගංජා ගෙන්වා ගත් පුද්ගලයෙකු ඊයේ (23දා) බළපිටිය වලගෙදර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි. බළපිටිය, වලගෙදර පදිංචි හතළිස් පස්හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ජනේලයකට හිසින් පහර දී වීදුරුවක් බිද, වීදුරු කැබැල්ලකින් සිරුරේ ස්ථාන රැසක් කපාගෙන බරපතල තුවාල සිදුකර ගත් පුද්ගලයකු අයිස් මිලිග්‍රෑම් එකක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

බද්දේගම, අලුත්වල, සාමගම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇතැයි ගෝනපීනුවල පොලීසිය කියයි. 23 දා 119 පොලසිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ සොයා බැලීමේ දී මිටගිය කාන්තාවකගේ මළ සිරුරක් නිවස තුළ තිබී හමුවී ඇත. මියගොස් තිබෙන්නේ කේ. දයාවති නැමැති 76 වියැති අවිවාහක තැනැත්තියකී. ඇයගේ සහෝදරයාගේ පූත්‍රයා ද එම නිවසේ පදිංචිව සිට ඇති අතර, පොසොන් පෝය දින එම කාන්තාව සිල් සමාදන්වී ඇති බවද, අනාවරණය වී තිබේ.

Read More

මේ ගෙදර එක්කෙනෙක් තමයි පොලිසියේ වැඩ කරන්නේ. ඒ පොලිසියේ කෙනා තමයි කිව්වේ ආයෙත් ගෙදරට ගිහිල්ලා වැඩ කරන්න කියලා, ලංකාවට පෙට්ටියකින් යන්න ආසද කියලා කියනවා, අනේ බුදු බව අත්වෙයි මාව මරාගන්න කලින් ලංකාවට ඉගෙන්වා ගන්න

Read More

බේරුවල, පින්හේන ජනපදයේ අසරණ පවුලක් පදිංචිව සිටී නිවසක ඊයේ (23) රාත්‍රි හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම ගිනිගෙන අලුවී තිබේ.

Read More

කරාඩුගල පොලිස් වසමට අයත් පිටඹුර අලුත්වලව්ව පදිංචි දාහත්හැවිරිදි තරුණියක් ඊයේ (23) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි කරාඩුගල පොලීසිය පවසයි.

Read More

පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන් හට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක් සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කල කාන්තා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය.

Read More

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී

Read More

මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකකරණය කළ යුතුයි යැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ

Read More

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද පෙරවරුවේ නිකුත් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කල මෙම නිවේදනය හෙට පෙරවරු 7.00 තෙක් වලංගු වෙයි.

Read More

2023 වසරේ ජනවාරි 8 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා වර්ෂයේ කාල සීමාවේදී රජයට බැරවි ඇති විදේශීය ණය සහ ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 2.120ක් බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගින් ජුනි මස 20 වන දින අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග 2024/06/22 දින කරන ලද විමසුමකින් අනාවරණය කරන ලදී.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේ මාස 10ක් සදහා ප්‍රමානවත් අයුරින් පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැප් නමැති (Rituximab inj. 500mg) ඖෂධය ගබඩාවල තිබියදි බාල පිලික ඖෂධයක් සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට මිලදි ගැනිම හේතුවෙන් රජයට රුපියල් හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකක (65,350,342 ) පාඩුවක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

ඡන්දය දුන් ජනතාවගේ ආත්මය පාවා දෙන ඩීල් දේශපාලඥයන් වර්තමානයේ මතු වෙමින් තිබෙන බවත්, ඉදිරියේදී තවත් ඩීල් ජනතාවට දැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

වතු ජනතාව වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා ඇති කරුණු තුනක් සඳහා ජනාධිපතිවරයා එකඟතාවය පළ කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු කොංග්‍රසය විදිහට වතු ජනතාවගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේදී ප්‍රකාශ කළේය.

Read More

වර්තමාන නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නැවතත් ඔහුගේම නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන බවට වාර්තා වන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

Read More

16 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 8 දෙනා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය අද (23) පොලිසියට අවසර ලබා දුන්නේය.

Read More

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටිනපිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට ඉකුත් (20) රාත්‍රී පැමි ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

දින පහලොවක සිට ආගිය අතක් නොමැතිව සිටි සිව්දරු පියෙකු ගේ මළසිරුරක් නාගොඩ වෙල්‍ යායක තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

කන්දෙගෙදර සාර්නියා වත්තේ දී සිය පුතුගේ නිවසට ගිනිතබා අලාභහානි කර , ගලකින් පහරදී පොසොන් පොහොය දින රාත්‍රි සිය මව ඝාතනය කලැයි සැකපිට පුතෙකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දෙගෙදර පොලිසිය පවසයි .

Read More

රජයේ සියලුම පාසල් හෙට (24දා) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. හෙට (24දා) සිට දින තුනක් රජයේ පාසල් සදහා නිවාඩු ලබා දී ඇති බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වීම හේතුවෙන් අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබුණි.

Read More

‘මැතිවරණයේදී අපිට ආසන 125 ක් ගන්න බැරිවෙයි. හැබැයි අපට විතරක් නෙවෙයි. මේ තියෙන අනුපාත ක්‍රමය යටතේ තියෙන ඡන්ද ටික පක්ෂවලට බෙදිලා ගියාම කිසිම පක්ෂයකට ආසන 113 ක් දිනාගන්න බැහැ. හැබැයි අපිට වැඩි ආසන ගණනක් ගන්න පුළුවන්. එතකොට කවුරු බලය ගත්තත් අපි නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා.’

Read More

බෙන්තොට රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.

Read More

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි

Read More

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

දානය නොමැති දවස්වලට හේනකට ගිහිල්ලා බඩ ඉරැඟු කරල් කිහිපයක් ඉල්ලගෙන ඇවිල්ල තම්බගෙන දානයට වළඳනවා. එහෙම නැත්තං විහාරස්ථානයේ තියෙන අඹ ගහෙන් අඹ ගෙඩියක් දෙකක් කඩාගෙන දානයට සකස් කරගන්නවා. සමහර දිනවලට වට්ටක්කා තම්බා ගෙන දානය සකස් කර ගන්නවා

Read More

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.