saravita-anim2

2025 ජුනි මස 11 වන බදාදා

2025 ජුනි මස 11 වන බදාදා

Latest News - timelapse 1529 hours ago

LATEST

ජනපති කරන්න යන ප්‍රකාශය ජනතාව ඇන්දවීමක්

calendar_today 2024 ජුනි 25 - 19:59 remove_red_eye - 264  

සුබ ආරංචියක් යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) සිදු කිරීමට යන ප්‍රකාශය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරනු ලබන ජනතාව ඇන්දවීමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

Read More

තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති. උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්. උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

Read More

අධික සැපයුම, වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ කොටස කුඩා නිසා ලොව විශාලතම ගංජා සමාගම් ඩොලර් බිලියන ගණන් වලින් වසර කිහිපයක සිට පාඩු ලබන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පවසයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති අතර එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ

Read More

ගුරු - විදුහල්පති විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි. කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර තිබේ.

Read More

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලු ලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතරොම් තුවක්කුවකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලීසිය පවසයි.

Read More

කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ වත්මන් සභාපතිවරයා විසින් තම නමට, නීතිවිරෝධී ලෙසින් ලියා ගන්නා ලද සමූපකාර සමිතියට අයත් ඉඩම යළි සමුපකාර සමිතිය වෙතටම පවරා නිවැරදි කරණ ලෙසට,වයඹ සමූපකාර සංවර්ධන කොමසාරීස් රෙජිස්ටාර් වසන්ත ගුණසේකර විසින් එම සමිතියේ ලේකම් වෙත දැනුම් දී ඇතැ යි,එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.සභාපතිවරයාගේ මෙම අනීතික ක්‍රියාව මාධ්‍ය මගින් අණාවරනය කිරීම හා බළධාරීන්ගේ අවධානය මේ පිළිබදව යොමු කරවීම පිළිබදව මාධ්‍යට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පූජාපිටිය පොලිස් වසමේ බෝතොට ප්‍රදේශයට ගිය නිලධාරියකුට එම පැමිණිල්ලේ විත්තිකරු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් එම නිලධාරියා බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි .

Read More

කහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී ආධුනික පොලිස් කොස්තාපල් වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් ගත කල සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා ගේ රාජකාරී වැඩ තහනමට ලක්කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ (102101) ඩබ්ලිව් පි එස් බොතේජු නමැති (23) හැවිරිදි නිලධාරියාය.

Read More

පොසොන් උත්සවය නිමිත්තෙන් කුඩා ළමුන් පිරිසක් එක්ව පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ පුද්ගලයන් තිදෙනෙකු එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙකුට රෝහල් ගතවෙන්නම පහරදුන් පුවතක් කළුතර පැල්පොල ප්‍රදේශයෙන් වාර්තාවේ .

Read More

ශ්‍රි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා කටයුතු පුළුල් කිරිම වෙනුවෙන් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකමක් ලබාදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Read More

නාවික හමුදාව, අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම මෙහෙයුම අතරතුර නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හම

Read More

කුරුලු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් මෙරටට සත්ත්ව නිෂ්පාදන හෝ සතුන් ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය අවධාරණය කරයි.

Read More

එළවළු වර්ග රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මුරුංගා කිලෝවක සිල්ලර මිල රු. 1100 දක්වාත් තක්කාලි කිලෝවක සිල්ලර මිල රු. 900 -1000 දක්වාත් බීට් කිලෝවක සිල්ලර මිල රු .900-1000 දක්වාත් ඉහළ ගොස් තිබේ.වැඩිවී ඇති මිල මිල ගණන් මෙසේය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2024 ) සඳහා පෙනී සිටින පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ලබන මස 10 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2024 අප්‍රේල් මාසයේ දී 2.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය සඳහා 1.6%ක් දක්වා අඩු වී තිබේ.

Read More

2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දිවීමට පටන් ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

වැටලීමක් කරන මුවාවෙන් බම්බලපිටිය ක්රෙිස්ටර් පෙදෙසේ ඉන්දියන් පුද්ගලික සමාගමක් වෙත ගොස් රුපියල් ලක්ෂ 50 ක අල්ලස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

’ආරංචිය සුබයි’ යනුවෙන් ප්‍රචාර යවමින් පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයෙන් නැවතත් රට බංකොලොත් භාවයෙන් මුදා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

කොළඹ මධ්‍යම තැපැල් කාර්‍යාලයට ලැබී තිබුණු පාර්සලයක තිබූ රුපියල් මිලියන දෙසීයක පමණ වෙළෙඳ පොළ වටිනාකමකින් යුත් අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය

Read More

නව ආණ්ඩුවක් පිහිටුවීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වනවාද යන්න පසුව තීරණය කරන බවත්, තම පක්ෂයේ අපේක්ෂකයන් ඕනෑ තරම් සිටින බවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්‍ෂෙප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා චෝදනාවන්ගෙන් සන්නස්ගල මහතා මුදාහැරීමට අද (24) නියම කළේය.

Read More

අවුරුදු 16 දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් ඔහුට වසර 30 ක සිරදඬුවම් අද (24) දින නියම කලේය.

Read More

2024 T 20 ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය .

Read More

රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද රටේ තත්වය ගැන සිතා ගත නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.