saravita-anim2

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1544 hours ago

LATEST

රජයේ පාසල්වලට නිවාඩු දී නෑ

calendar_today 2024 ජුනි 23 - 16:09 remove_red_eye - 352  

රජයේ සියලුම පාසල් හෙට (24දා) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. හෙට (24දා) සිට දින තුනක් රජයේ පාසල් සදහා නිවාඩු ලබා දී ඇති බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වීම හේතුවෙන් අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබුණි.

‘මැතිවරණයේදී අපිට ආසන 125 ක් ගන්න බැරිවෙයි. හැබැයි අපට විතරක් නෙවෙයි. මේ තියෙන අනුපාත ක්‍රමය යටතේ තියෙන ඡන්ද ටික පක්ෂවලට බෙදිලා ගියාම කිසිම පක්ෂයකට ආසන 113 ක් දිනාගන්න බැහැ. හැබැයි අපිට වැඩි ආසන ගණනක් ගන්න පුළුවන්. එතකොට කවුරු බලය ගත්තත් අපි නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා.’

Read More

බෙන්තොට රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.

Read More

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි

Read More

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

දානය නොමැති දවස්වලට හේනකට ගිහිල්ලා බඩ ඉරැඟු කරල් කිහිපයක් ඉල්ලගෙන ඇවිල්ල තම්බගෙන දානයට වළඳනවා. එහෙම නැත්තං විහාරස්ථානයේ තියෙන අඹ ගහෙන් අඹ ගෙඩියක් දෙකක් කඩාගෙන දානයට සකස් කරගන්නවා. සමහර දිනවලට වට්ටක්කා තම්බා ගෙන දානය සකස් කර ගන්නවා

Read More

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය.

Read More

කන්දෙගෙදර සාර්නයා වත්තේ දී සිය පුතුගේ නිවසට ගිනිතබා අලාභහානි කර , ගලකින් පහරදී පොසොන් පොහොය දින රාත්‍රි සිය මව ඝාතනය කලැයි සැකපිට පුතෙකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දෙගෙදර පොලිසිය පවසයි .

Read More

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

Read More

සෞදි අරාබියේ , මක්කම වන්දනාවේ ගොස් , ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මවුලවිවරයෙකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ තවත් කාන්තාවක විසින් රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 21 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ සහ ඉගුරුඔය අතර දුම්රිය ස්ථාන අතර පේන්‍ රෝස් ප්‍රදේශයේ දී අද (23) උදෑසන දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී අද (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තලාව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විජය පුවත්පත් සමාගම 21වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද (22දා) දිනට යෙදී තිබිණ.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය.

Read More

ජනාධිපති අපෙක්ෂක ධුරය පා.ම සරත් ෆොන්සේකා මහතාට ලබා නොදුන් නිසා ඔහු විපක්ෂ නායකයා විවේචනය කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පවසයි.

Read More

කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කෙරේ.

Read More

පොසොන් පොහොය යෙදුණු අද දින කලු ගලක් තුළ තිබෙන බව කියන මැණික් පුරවන ලද සෙම්බුවක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටි බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු කැනීම් සඳහා යොදාගත් විදුලි උපකරණ ,රසායන ද්‍රව්‍ය හා පූජා ද්‍රව්‍ය සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

Read More

වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි තීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් අද(22)දින එකම පවුලේ මව සහ දියණිය මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා , සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන , එරට අතරමං කළ පුද්ගලයෙකු 06/20 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .

Read More

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු 06/21 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

දුම්රිය මගින් බෙලිඅත්තේ සිට මරදාන දක්වා කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය - වගකිවයුතු නිලධාරින් මෙරට නොමැති බවට අනාවරණය වේ.

Read More

නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්‍රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් 08ක් තවමත් නිෂ්පාදනය කරන බවත්, එම එන්නත් වෙළෙඳ පොළේ ඇති බවත් අභියාචනාධිකරණයේදී ඊයේ (20දා) අනාවරණය විය.

Read More

2000 වර්ෂයේ දී 9.3% ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2050 වනවිට 27.6% ක් වන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දත්ත වාර්තා සඳහන් කරයි.

Read More

2332 වැනි පොසොන් උත්සවය සඳහා මෙවර මිහින්තලා පුදබිමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.