saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10061 hours ago

LATEST

උතුරේ මැතිවරණ කටයුතු සාමකාමි බවට සහතිකයක්

calendar_today 2019 නොවැ 06 - 17:30 remove_red_eye - 239  

උතුරේ පූර්ව මැතිවරණ කටයුතු හා රැස්වීම් පැවැත්වීම ඉතා සාමකාමීව සිදුවන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කමිටුව වෙනුවෙන් වවුනියාවට පැමිණ සිටින එම සංගමයේ නියෝජිතයින් පැවසූහ.

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවානම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය

Read More

මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීම හරියට අතීසාරයට අමුඩ ගැසීමක් වැනි දෙයක් බවත් විශ්ව විද්‍යාලයෙන් බැහැර කෙරෙන මළ මුත්‍රා කාණු දිගේ මිහින්තලේ වැවට මුදා හැරිම නිසා මෙයින් හමන දුගඳ, හා විෂ බීජ වලින් මේ වන විට නගර වැසියන්ගේ ජීවිතද අවදානමකට ලක් වි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

Read More

පාත් ෆයින්ඩර් පදනම විසින් ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා ඇතුළත්ව සකස් කරන ලද ජාතික ආරක්ෂාවට අදාළ උපදෙස් හා යෝජනා මාළාවක් පළමුවරට ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

චෙන්නායි සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු ගුවන් යානය තුළ කළබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු ගුවන් යානයෙන් ඉවත් කිරීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

මදුරුවන් බෝ නොවන ආහාර බඳුන් නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඞ් තරඟයේ දී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට පිවිසීමට ගොකරැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද පස්වරු 3.00 යාවත්කාලීන කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 112ක් ලෙස සෞඛ්‍යයට අහිතකර ලෙස දැක්විණ.

Read More

#Padman හැෂ් ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර ඇති තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා යුද හමුදාවේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉදිරියේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

Read More

කාන්තාවන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළට ගේන්න සැලසුම් ඉදිරිපත් කරද්දි සිය ප්‍රතිවාදියා හා ඔහුගේ කණ්ඩායම ඊට විරුද්ධ වන්නේ මන්දැයි ජනතාවට පිළිතුරු දිය යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ.

Read More

යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සෛවරීභාවයට හානියක් සිදුවන්නේ නම් එය අත්සන් කිරිමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන අතුශාඛාවක් වන කොටියාගලඔයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) දින රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසිය.

Read More

පුත්තලම, ලක්විජය බලාගාරයේ 1 වන ඒකකයේ බී මට්ටමේ නඩත්තු කටයුතු සඳහා වන නිපුණතා ශ්‍රම බලකාය ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව චීනයේ China Machinery Engineering Corporation සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

‍2005 වර්ෂයේ සිට 2015 දක්වා විවිධ හිරිහැරයන්ට හා පීඩාවට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනෙකුට වන්දි ප්‍රදානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මේ රටේ සංකල්පමය වෙනසක් ඇති කොට වෙනස් වැඩපිළිවෙලක් යටතේ රට සංවර්ධනය කොට අනාගත පරපුර ශක්තිමත් කළ හැකි එකම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

චන්ද්‍රිකා අවලංගු කාසියක් බවත් තමන්ගේ ඡන්ද පෙට්ටියේ ඡන්ද 11ක් ගත්ත කෙනෙකු නිසා එයා ගැන කතා කරන වෙලාවත් අපරාධයක් බව පා.ම .එස්.බි දිසානායක මහතා පවසයි.

Read More

1‍953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් ඊයේ (5) අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

අංක 177 , ධර්මපාල මාවත , කොළඹ 2 ලිපිනයේ පිහිටි නිවසක් තුළ ඊයේ (5) රාත්‍රි 9.15ත් රාත්‍රි 9.40 ත් අතර කාලයේදි නිවසක් තුළ තිබි පිහියෙන් තියුනු ආයුධකයින් පහරදී කළ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වි ඇත.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (06දා) නියෝග කළේය.

Read More

තම කුඩා දරුවන් දෙදෙනා ගේ ගෙළට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කල මවක් අගලවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මේ රට පාලනය කළ සියලු පාලකයන් දිගින් දිගටම තමන්ව රවටමින් සිටින අතර රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න ගැන කියවමින් සිටිමට නොව නිසි වැඩ පිළිවෙලක් තුළින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට බවත් පාලකයන් හැමදාමත් තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවා නම් එවන් ආණ්ඩු හා පාලකයින්ව කුණු කූඩයට යැවීමට තම සංගමය පෙරමුණ ගන්නා බවත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.

Read More

නිල වශයෙන් සපයාගත හැති තොරතුරුවලට අනුව මෙම ගණන ප්‍රකාශ කළද, මෙම ඇස්තමේන්තුගත මුදල්වලට වඩා ජනාධිපතිවරණ ප්‍රචාරණයෙහි සැබෑ වියදම්වල අගය විශාල අගයක් ගත හැකි බවද ගජනායක මහතා කීවේය.

Read More

නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ප්‍රංශය බලා ගමන් කිරීමට උත්සාහ කළ සැකකරුවන් 6ක් නාවික හමුදා නිලධාරීන් හා හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඊයේ (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාරදීම සිදු විය.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට යෝජිත ගිවිසුමට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබූ උඩුදුම්බර කාශ්‍යප හිමියන් එම උපවාසය අවසන් කර තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඩොලර් මිලියන 480ක ප්‍රධානය ලබා ගැනීමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිහහස් පක්ෂය සුරැකීමේ සමුළුවට එක්වූ එම පක්ෂයෙ ආසන සංවිධායකවරුන් වෙනුවෙට වෙනත් වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේම අපේක්‍ෂාව වුවද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.