තම දරුවන් දෙදෙනා මැරිමට තැත් කළ මවක් අත්අඩංගුවට
තම කුඩා දරුවන් දෙදෙනා ගේ ගෙළට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කල මවක් අගලවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත පොලේගොඩ උදටියාවෙල පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාව පළමු විවාහයෙන් වෙන්වී සිටින අතර එම විවාහයෙන් ඇයට අවුරුදු 20ක පමණ පුතෙකු සිටින අතර ඉන්පසුව ඇය වෙනත් විවාහයක් කරගෙන ඇති අතර එම විවාහයෙන් වයස 10 සහ 7 පුතුන් දෙදෙනෙකු සිටින අතර එම සැමියා විදේශ රැකියාවක නිරතව සිටින අතර ඒ අතරතුර මෙම කාන්තාව තම පළමු විවාහයේ පුතාගේ මිතුරෙකු තම නිවසේ රඳවාගෙන අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.
ඇයගේ මෙම ක්‍රියාවන් වලට බාධා වීම නිසා කුඩා දරුවන් දෙදෙනාට මෙම කාන්තාව විසින් ඉතා කෘර ලෙස වදහිංසා පමුණුවා ඇති අතර පසුගිය 2 වනදා රාත්‍රී 10 ට පමණ මෙම වයස 10 සහ 7 කුඩා දරුවන් දෙදෙනාට වේ වැලකින් සහ බඳ පටියකින් පහර දී නිවසේ පිටුපසට ඇඳගෙන ගොස් දරුවන් දෙදෙනාගේ ගෙළට ලණුවක් දමා ගෙළ සිරකිරීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ එතැනට පැමිණි මෙම කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් කාන්තාව පසෙකට තල්ලුකර දමා දරුවන් දෙදෙනා බේරාගෙන ඇත.
පසුව පහර කෑ දරුවන් දෙදෙනා නිවසේ පුටුවක නිදාගෙන ඇති අතර සැකකාර මව තම අනියම් පුරුෂයා සමග කාමරයක රැය ගතකර ඇත.
පසුදින අලුයම 4.00ට පමණ සැකකාර මව තම අනියම් පුරුෂයාට හොරෙන් දරුවන් දෙදෙනා අවදි කරවා ගිරිකොල ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකට රැගෙන විත් ඇති අතර එහිදී වයස 10 වන වැඩිමල් පුතා මවගෙන් මිදී කැලේට පැන සැඟවී ඇත. අනතුරුව එම කාන්තාව බාල පුතාද රැගෙන නැවත නිවසට පැමිණ ඇති අතර එහිදී වැඩිමල් දරුවා නොමැති බව දුටු අනියම් පුරුෂයා ඔහුට කිසියම් අනතුරක් වී ඇතැයි සැක සිති කුඩා දරුවාද රැගෙන අගලවත්ත පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ අගලවත්ත පොලීසියේ නිලධාරීන් විසින් පිඹුර ප්‍රදේශයේ බස් නැවතුම් පොළක අඩමින් සිටි වැඩිමල් ළමයා සොයාගෙන ඇත. ඔහුගෙන් කරුණු විමසීමේදී තම මව විසින් තමාට සහ මල්ලීට ඉතාම කෘර ලෙස වේවැල් ,බඳ පටි ඇතුළු අතට අසුවන සෑමදේකින්ම පහර දෙන බවත් පෙරදින රාත්‍රියේ තමාගේ සහ මල්ලීගේ බෙල්ලට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කල බවත් ,එදින අලුයම ගිරිකොළ ප්‍රදේශයට මල්ලීවත් තමාවත් රැගෙන ගියේ මරා දැමීමට දැයි සැක සිතු නිසා මවගේ අතට ගසා පැන ගිය බවත් වැඩිදුරටත් පවසා ඇත.
වදහිංසා වලට ලක්වූ දරුවන් දෙදෙනා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ,සැකකාර මව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිත අතර අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මතුගම - බන්දු තඹවිට

popular news
-
Champa Wednesday, 06 November 2019 02:26 PM
හරිම ශෝචනීයයි. මේ වගේ කතා ගොඩක් මම ඇහැව්වා 2015න් පස්සේ. වහල් ආණ්ඩුවේ අරාජික යුගය නිසා වැඩියෙන්ම පීඩාවට, වදහිංසාවලට, අතවර වලට සහ මරණයට පත් වුනේ දරුවන් සහ කාන්තාවන්. ඊළඟට සමාජයේ දුශ්චරිත, අපචාර, අවිචාර, අනාචාර වලට වැඩියෙන්ම යොමු වුනේ ගෙදර බුදුන් කියල කියපු මව්වරුන්. දරුවන් ඉන්න මව්වරුන් තැන්පත් ජීවිත ගත කරනවා වෙනුවට එළිපිටම අනාචාරයේ හැසිරෙන්න තරම් ලජ්ජා බය නැතිවුන. පවුල මූලික කරගත්ත අපේ සිංහල බෞද්ධ සමාජය අවුරුදු 4ක් වගේ සුළු කාලයකින් කඩා වැටිලා විනාශ වෙච්ච හැටි අදහගන්නත් අමාරුයි. කඩා වැටුණු සිංහල බෞද්ධ ජනසමාජය නැවත ගොඩගන්න පුළුවන් ඒ ගැන සැබෑ වේදනාවක් ඇති, බෞද්ධ දර්ශනය මතම පදනම් වුනු රාජ්‍ය පාලනයක් සහ සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන හැඟීමක් ඇති, නියම සිංහල බෞද්ධ නායකයෙකුට විතරයි. අමාරු වැඩකුත් නෙමෙයි. කරන්න ඕනේ මොකක්ද කියල තමන්ටම ආවේනික දර්ශනයක් විතරයි අවශ්‍ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

