සූර් පිට මගීන් ගෙනගිය බස් රියදුරුගේ බලත්රය ජීවිතාන්තය දක්වා කැන්සල්
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්රවාහනය කල බස් රථ රියදුරෙකු ගේ රියදුරු බලපත්රය ජීවිතාන්තය දක්වා අවලංගු කර රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර ප්රධාන මහේස්ත්රාත් චමිපික රාජපක්ෂ මහතා ඊයේ (27) නියම කලේය.
කළුතර, කලමුල්ල, රිදී මාවතේ පදිංචි වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති පුද්ගලයෙකු හට මෙසේ දඩුවම් නියම කෙරිනි.
පෞද්ගලික ආයතනයක සේවකයින් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනයවූ බසය පානදුර නල්ලුරුව ප්රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුගදක් හැමූ බැවින් ඔහුව පොලිස් භාරයට සිදුකල පරීක්ෂාවකදී මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ බව උප පොලිස් පරීක්ෂක නන්දන ජයසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ අනුව මගීන් ගේ ජිවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්රධාන මහේස්ත්රාත් වරයා දඩුවම් නියම කෙරිණි.
පානදුර සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
