saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10122 hours ago

LATEST

ගුවන්තොටුපොළ තුළ හා අවට නව රථවාහන සැලැස්මක්

calendar_today 2019 දෙසැ 23 - 22:31 remove_red_eye - 848  

මෙම නව රථාවහන සැලැස්ම පසුගිය දින කිහිපය තුළදී පෙරහුරුවක්ද සිදුකර ඇති අතර එය සාර්ථක වීම මත එය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.

Read More

රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රි‘රෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More

ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Read More

රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.

Read More

ගමට ගෙයක්, යන සංකල්පය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිද නිවාස 14022ක් ඉදිකිරිමට තීරණය කර තිබේ.

Read More

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්අඩංගුවට ගැනිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක් බව පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය වූ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ කර ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එදිනම පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

Read More

හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කළහ.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.

Read More

එළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 167ට අධික මුදලක් වෙන්කර තිබේ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් තෙවැනි අපේක්ෂිත ඇප ඉල්ලීම අද (23දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

මේ පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත නිවැරදි වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් ජනතාවගේ දැනුවත්වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

පාස්කු ප්‍රහාරය හා එහි බලපෑම අඩු කිරීමට ක්‍රියා නොකළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නැවතත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මේ වන විට රට අවශ්‍ය ආරක්ෂිත රටක් බවට පත්ව ඇති බවත් යන්න හිතෙන රටක් නොව දැන් පවතින්නේ ඉන්න හිතෙන රටක් බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

හෙට පෙරවරු 7.00 දක්වා දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.

Read More

තමන් විසින් ඉදිරිපත් කළ දෙවැනි අපේක්ෂිත ඇප අයදුම වෙනුවෙන් පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරකරණයට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ඛනිජතෙල් සංස්ථාව නොවැම්බර් මාසයේ අතිකාල දීමනා සඳහා රු.මි. 107ක් වැය කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් ’අද’ පුවත්පතට පවසා සිටියේය.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

Read More

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.

Read More

’ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක්’ ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම එළඹෙන දශකයේ තේමාව වන බවත්, ඒ අනුව එහි අඩිතාලම රට රකින ත්‍රිවිධ හමුදාව විසින් සකස් කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.