saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9912 hours ago

LATEST

මලල ක්‍රීඩා ඉසව්වලින් ලංකාව ඉන්දියාව අභිභවා යයි

calendar_today 2019 දෙසැ 09 - 21:57 remove_red_eye - 1100  

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ වසර 28කට පසුව ඉන්දියාව අභිභවා යාමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම සමත්විය.ඒ මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිමිනි.

රාජ්‍ය අමාත්‍යාංශ 32ක් සඳහා නව ලේකම්වරු පත්කිරීම අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි ප්‍රධානය සිදු කෙරිණ.

Read More

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකේය ක්‍රිඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ සහ තවත් හත් දෙනෙකුට උණ රෝගය වැළඳී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ දී තාවකාලිකව නවාතැන් ගත් සුගතදාස හෝටලයේ මදුරු කීටයන් රැඳී සිටීම හේතුවෙන් බව අනාවරණය විම නිසා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය.

Read More

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පොදුවේ 90.5% ක් බවට පත්වී තිබෙන බවත්, මේ අනුව ජල විදුලි නිෂ්පාදන 55%ක් බවට පත්ව තිබෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

සාමාන්‍ය පෙළ විභාගය මේ මස 12 වන දින අවසන් වෙන බවත්, විභාගය අවසන් වූ පසු සියලුම සිසුන් සාමකාමී ලෙස විසිර යා යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව (සෙමි ලක්‍ෂරි) කෙටිකාලයක් තුළ අහෝසි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයින් සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්විය.

Read More

ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහර දිම සම්බන්ධව සැකකාර තරුණයින් තිදෙනෙකු අද (9) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂය සමඟ එක්ව සිටින සියලු දෙනා එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රිධූර 113ක් ලබාගැනීම සඳහා වැඩකළ යුතු බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවසීය.

Read More

ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා කියුබ් තුනහමාර් ටිපර් රථවලට ලෑලි කැබැල්ලක් ගසා කියුබ් හතරක් බවට පත්කර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.

Read More

වත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරලා පළමු මාසය ගෙවෙන කොටම ජනතාව බලාපොරොත්තු වුනාටත් වඩා වෙනසක් මේ රටේ ඉටුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Read More

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.

Read More

මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

Read More

අලි මිනිස් ගැටුම සඳහටම නිමා කිරීමට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

Read More

කිලිනොච්චිය කන්දපුරම් ප්‍රදේශයේදී ඊයේ (08) සවස ගෙවත්තක පොල් ගසක් කඩා වැටීමෙන් එයට යටවි අවුරුදු එකක් වයසැති දැරියක් මියගොස් ඇති බවට කිලිනොච්චිය අක්කරායාන් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් අල්ලස්දීම අනුමත කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

සිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද (09) වැඩ වර්ජනයක නිරත වූහ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු අද (9) අලුයම 5 වෙනි මහලෙන් බිමට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් තවදුරටත් මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වන්නනේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන වසරේ මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9දා) තීන්දු කළේය.

Read More

චීනය විසින් ආරම්භ කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහනට සම්බන්ධවීවෙන් ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවූ බවට බටහිර මාධ්‍ය කරන ප්‍රකාශ විශ්වාස නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ.

Read More

මෙම මස 11 වනදා යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2019 – 2020 සම්බුද්ධ සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම මෙම මස 10 වනදා යෙදෙන සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

Read More

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද (09දා) නියෝග කළේය.

Read More

විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ (08) දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබේ.

Read More

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.

Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර සිල්වා මහතාට සහ ඔහුගේ බිරිය වන අනූෂා කුමාරි මහත්මියට පසුගිය (06දා) කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (08දා) අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දක්වන ලදී

Read More

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල, පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසළ ගෙනමින් තිබූ රථ අද (9දා) අලුයම ආපසු හරවා යැවීමට වනාතවිල්ලුවේ මාර්ග හරස් කරමින් විරෝධතාවයක නිරතව සිටි පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.