සෙමි බස් රථ සේවාව අහෝසි කිරීමට අවධානය
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව (සෙමි ලක්ෂරි) කෙටිකාලයක් තුළ අහෝසි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් හා මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් තිස්සේ මෙම බස් රථ ධාවනය කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වී ඇත.
මගී ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව නියෝජනය කරන නිලධාරීන් එක්ව සිදුකළ සාකච්ඡාවකදී අනාවණය වී ඇත්තේ, අර්ධ සුඛෝපභෝගී බස් රථවල මහජනතාවට ඇති එකම පහසුව බස් රථ ජනෙල්වලට රෙදි එල්ලා තැබීම පමණක් බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධව බස් මගීන් 10,000ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මගීන් 100%ක්ම ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කළ යුතු බවයි.
එම සේවාව මගින් කිසිදු පහසුකමක් මහජනතාවට නොලැබෙන බවත්, සාමාන්‍ය බස් රථවලට වඩා වැඩියෙන් මුදල් ගෙවීමට සිදුවන බවත් මහජනතාව පෙන්වාදී තිබේ.
මේ අතර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසා වන පරිදි කටයුතු කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පාලනය සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, සුභාවිත ගීත අඩංගු සී.ඩී. තැටි සෑම පෞද්ගලික සහ ලං.ග.ම. බස් රථයකටම ඉදිරි කාලයේ ලබාදෙන ලෙසත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබාදී ඇත.

popular news
-
M A P Hemachandra Tuesday, 10 December 2019 06:20 AM
මම සභාපති ෙවෙලා ඉන්නකොට ෙසෙමි බස් AC ෙහෝ සාමාන්‍ය බස් රථ වලට හරවන්න පටන් ගත්තා. මම ගියාට පසුව අමාත්‍යංශය විසින් මට පසුව පැමිනි සභාපතිතුමා කරපු වංචාවක් නිසා එවකට සිටි අර්ජුන ඇමතිතුමා නැවැත්තුවා.ෙමෙයට අවශ්‍ය අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් තියෙනවා.
Reply : 0 5
Deepal Nirosh Tuesday, 10 December 2019 08:46 AM
ප්‍රමාද වූ නමුත් මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ අනිවාර්ය තීරණයක්. මගී ජනතාවට කිසිදු සෙතක් නොමැති අනවශ්‍ය ගාස්තු පමණක් අය කෙරෙන ස් රථ සේවාවක්. ඒ් වගේම බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය වීම වැළැක්වීමටත් දැඩි පියවරක් ගත යුතුයි.
Reply : 0 6
Susantha Monday, 10 August 2020 03:56 AM
අම්මෝ වැදලා කියන්නම් මේ බස් වල යන්න බෑ හත්තිලව්වේ කන පැලෙන්න සෙට් එක දාගෙන යනවාඒක නවත්තන්න පියවරක් ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

