saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9806 hours ago

LATEST

මොරගහකන්දේ ජල කාන්දුව ගැන බිය විය යුතු නැති බවට එහි ඉංජිනේරුවෝ පවසති

calendar_today 2020 ජන 02 - 14:35 remove_red_eye - 878  

මොරගහකන්ද ජලාශයේ ජල කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් බිය විය යුතු නැතැයි තමන් යළි තහවුරු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්ත මහතා පවසයි.

යුද්දෙන් පසුව යාපනයේ නැවත පදිංචි වූවන් මෙන්ම තරුණ තරුණියන් ඇතුලු සියලු රැකියා විරහිත වූවන්ගේ තොරතුරු යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් රැස් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.

Read More

2020 දී ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ඉක්මණින් බිහි කරන බවත් හන්දි ගානේ කතා කර, විවේචනය කර, මාධ්‍ය සංදර්ශන ඇති කරලා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසදිය නොහැකි බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.

Read More

රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් තමන්ට පාඩු නොවන අයුරින් තක්සේරුවක් කර රජයට පවරා ගත්තට තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් රටේ ආර්ථික කඩා වැටුණේ මං නිසා නොව පොළොන්නරුවේ දේශපාලනඥයන් නිසා බවත් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගෙන ඇත.

Read More

චීනයේදී මෙම දුම්රිය එන්ජින් නිපදවා ඇති අතර ඒවා කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑවේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි විදෙස් නිල සංචාරය ලෙස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.

Read More

සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්කල්ල දිවුල්ගස්වැව ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් මියගිය බව කියන පුද්ගලයෙකු ගේ සිරුරක් ඊයේ (1) රාත්‍රී 9ට පමණ පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව සොයාගත් බව සාලියවැව පොලීසිය පවසයි.

Read More

Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ අහෝසි කිරීමට විරුද්ධව පිළිගත කරුණු හැකිනම් එම නියෝජිතයන් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කර තිබේ.

Read More

විශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා විද්‍යාර්ථීන්ගේ සංඛ්‍යාව පසුගිය වර්ෂයට වඩා සියයට 25 කින් ඉහළ නැංවීමට වත්මන් රජයේ සැලසුම් කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

රාගම කැන්දලියද්දපාලුව ප්‍ර දේශයේ නාඳුනන පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු අතරින් යෝජනාවක් ඉදිරිපත්වෙයි, අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට

Read More

රටවල් 48කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය ලබන අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අධිකරණයක් ඉදිරියේ ඔහු ලබාදෙන සාක්ෂිවල ඍජු ප්‍රතිඵලයක් ලෙස යහපාලන රජයේ ප්‍රධාන චරිත විශාල ’අමාරුවකට’ පත් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

Read More

2015 ජනවාරි 8 වෙනිදාට පෙර වැඩ බිමක් වෙලා තිබුණු මෙරට 2015 ජනවාරි 8 වනදායින් පසු මුඩු බිමක් වු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ සහතික පත්‍රය ඔන්ලයින් ක්‍රමය යටතේ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි වරදවල් සිදුකර තිබෙන බවත්, ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පසුගිය රජය විසින් රාජ්‍ය නිලධාරින් FCID ගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ බව ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්, එය මේ වනවිට ලොව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

“හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවිමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (01) පෙරවරුවේ එක් විය.

Read More

ලංකා හොස්පිටල්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාර්තන මහතා අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

මහා පරිමාණයේ හෙරොයින් ඡාවාරම්කරුවන් හඳුනා ගෙන ඔවුන්ට මරණ දඬුවම දීම සාධාරණ බවත් ඒ පිළිබදව තිරණයක් ගතහොත් මේ හොරොයින් ජාවාරම්කරුවන් මර්දනය කළ හැකි බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

රියදුරු බලපත්‍ර අලුතින් ඉල්ලුම් කිරීමේදී සහ නැවත අලුත් කිරීමේදී ලබාගත යුතු වෛද්‍ය සහතිකය, ප්‍රාදේශිය රෝහල් ඇතුළු රජයේ රෝහල්වලින් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

Read More

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට පවතින ජල කාන්දුව ජලාශයට හෝ බැම්මට විශාල හානියක් නොවන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ පි .බී . විජේරත්න මහතා පවසයි.

Read More

පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපති ලෙස මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පත් කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.

Read More

මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් බිලියන 190ක් වැයකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු හා වාස්තු විද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වරයා වූද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා අද (01දා) අභාවප්‍රාප්ත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.