එක්සත් ජාතික පක්ෂය හා එම පක්ෂය සමඟ එක්ව සිටින සියලු දෙනා එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රිධූර 113ක් ලබාගැනීම සඳහා වැඩකළ යුතු බව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවසීය.
ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා කියුබ් තුනහමාර් ටිපර් රථවලට ලෑලි කැබැල්ලක් ගසා කියුබ් හතරක් බවට පත්කර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
Read Moreවත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරලා පළමු මාසය ගෙවෙන කොටම ජනතාව බලාපොරොත්තු වුනාටත් වඩා වෙනසක් මේ රටේ ඉටුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Read Moreරුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.
Read Moreමැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreපැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
Read Moreඅලි මිනිස් ගැටුම සඳහටම නිමා කිරීමට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
Read Moreකිලිනොච්චිය කන්දපුරම් ප්‍රදේශයේදී ඊයේ (08) සවස ගෙවත්තක පොල් ගසක් කඩා වැටීමෙන් එයට යටවි අවුරුදු එකක් වයසැති දැරියක් මියගොස් ඇති බවට කිලිනොච්චිය අක්කරායාන් පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් එකක් අල්ලස්දීම අනුමත කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතය පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreසිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද (09) වැඩ වර්ජනයක නිරත වූහ.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහරෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු අද (9) අලුයම 5 වෙනි මහලෙන් බිමට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් තවදුරටත් මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වන්නනේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන වසරේ මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9දා) තීන්දු කළේය.
Read Moreචීනය විසින් ආරම්භ කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහනට සම්බන්ධවීවෙන් ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවූ බවට බටහිර මාධ්‍ය කරන ප්‍රකාශ විශ්වාස නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ.
Read Moreමෙම මස 11 වනදා යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2019 – 2020 සම්බුද්ධ සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම මෙම මස 10 වනදා යෙදෙන සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වේ.
Read Moreපැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද (09දා) නියෝග කළේය.
Read Moreවිදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ (08) දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබේ.
Read More2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.
Read Moreප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර සිල්වා මහතාට සහ ඔහුගේ බිරිය වන අනූෂා කුමාරි මහත්මියට පසුගිය (06දා) කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (08දා) අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දක්වන ලදී
Read Moreඅම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල, පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read Moreකොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසළ ගෙනමින් තිබූ රථ අද (9දා) අලුයම ආපසු හරවා යැවීමට වනාතවිල්ලුවේ මාර්ග හරස් කරමින් විරෝධතාවයක නිරතව සිටි පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.
Read Moreඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ.
Read Moreපැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබේ.
Read Moreවිපක්ෂනායක ප්‍රශ්නය අපිට සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස.
Read Moreශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreදඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළත් කිරීමේදී ලොරි රථ සහ අනෙකුත් වාහන සඳහා ගොවීන්ගෙන් ගාස්තු වශයෙන් අයකළ රුපියල් 50 ක මුදල අහෝසි කිරීමට උපදෙස් දුන් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය.
Read Moreයුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේදී සුවිශේෂී බුද්ධි මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දුන්නෙකි.
Read Moreපිළිකා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreනිතිරීති තිබෙනුයේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් බවත් මින් ඉදිරියට රාජ්‍ය නිළධාරින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නොයවන බවත් යෞවන කටයුතු හා අධ්‍යාපනය හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
Read More