saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 9199 hours ago

LATEST

රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනියි

calendar_today 2019 දෙසැ 30 - 14:44 remove_red_eye - 547  

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදු කළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරිම අද (30) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

වත්මන් රජයට 2020 වසරේදී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය පමණක් ගත් කළ ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ ගොස් ඇතැයිද එහෙත් මහජනතාව සඳහා ලබාදෙන සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව ’අද’ට වාර්තා වේ.

Read More

තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

Read More

පාසල් සිසුන් තිදෙනෙක් මැදිරිගිරිය දියසෙන්පුර වෙළදසැලක් බිඳ ලැප්ටෝප් 07ක් ස්මාට් ජංගම දුරකථන 07ක් සොරකම් කර ඉන් කිපයක් වෙනත් පුද්ගලයින්ට අලෙවි කර තිබිය දි අද (30) දින අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා සිය දශක හතරකට ආසන්න සේවා කාලය නිමා කරමින් හෙට (31දා) සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඉතාමත් හොර රහසේ මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
රාජිතට ඇප
30 12 2019 11:21:00

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

Read More

ජලභීතිකා එන්නත් සදහා වර්ෂිකව රුපියල් ලක්ෂ 4000, සුනඛයින් වද සැත්කම් කිරීමට රුපියල් ලක්ෂ 1000.

Read More

ඉදිරි දින හත පුරාම බොහෝ ප්‍ර‘දේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවත්, සුළං ප්‍රවාහය අඩු වීම හේතුවෙන් දහවල් කාලයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළයා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30දා) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේදී පෙරලී යාමෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.

Read More

ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසයි.

Read More

මාතලේ උකුවෙළ ප්‍රදේශයේදී වෙල් යායක ඇඳ තිබූ නීති විරෝධි විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් තිබේ.

Read More

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත ඒ අනුව සුදුසු කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු ආමත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම අද (30දා) සළකා බැලීමට නියමිතව තිබේ.

Read More

ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

කතරගම අවට ගම්මාන රැසකට දින 10ක් තිස්සේ පානීය නල ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

ලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන වෙරළ පිරිසිඳු කිරිමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද (29) දිනයේ ආරම්භ කර තිබේ.

Read More

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

කරුවලගස්වැව නෙළුම්ගම කුඹුරු යායක සිටි විශාල තාරකා ඉබ්බෙකු ගොවින් පිරිසක් අද ( 29 ) අල්ලා වනජීවි නිලධාරින්ට භාර දි තිබුනී.

Read More

නාවික හමුදාව ‌සහ පොලීසිය එක්ව ඊයේ (28) දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හැටනමලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකරදීමේ අරමුණින් එම ජනමතයට ඉඩදීම සඳහා නුතන නවීන ප්‍රායෝගික දේශපාලන පක්ෂයක් ලෙස විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙමින් ඉදිරි කාලයේ දී කටයුතු කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.

Read More

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

Read More

ආර්ථිකය ගොඩනගමින් අඩාල වු සංවර්ධනය යළි ඇරඹිමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ අද (29) බත්තරමුල්ල නගර අවට හදිස්සි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

නවෝත්පාදන සඳහා සෑමවිටම දිරිදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව රජය කැපවී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය , විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මඩකලපුව ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පලව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.