නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට
- 24 04 2020
- 18:39
- {{hitsCtrl.values.hits}} views
- ..
වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද ( 24) දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි .
වැලිසර සිට බදුල්ලට පැමිණි මෙම බස් රථයට පිදුරුතලාගල කඳවුරින් ගොඩවූ නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ .
යුද හමුදාව පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සෙබලුන් දෙදෙනා දියතලාව යුද හමුදා රෝහලේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙන බව යුද හමුදාව පවසයි .
හල්දුම්මුල්ල එස්.පි. නානායක්කාර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
