saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 9040 hours ago

LATEST

අවු.10ට වැඩි ස්වේච්ජා සමථ මණ්ඩල සේවකයින්ට සාම විනිසුරු පත්විම්

calendar_today 2020 පෙබ 03 - 22:00 remove_red_eye - 469  

දස වසරක වැඩි කාලයක් ස්වේච්ජාවෙන් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සභිකයින් 197 දෙනෙකුට සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි යාවජිව සාම විනිසුරු පත්විම් පිරිනැමිම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් සිදු කිරිමට නියමිතය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03දා) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තේය.

Read More

නුවරඑළිය ප්‍රදේශයේ මහ කන්නයේ එළවළු වගා කරන එළවළු ගොවින්ට රසායනික පොහොර ලබා ගැනිමට නොහැකි නිසා තම වගාවන් සිදු කර ගැනිමට නොහැකිව සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් පවසයි.

Read More

රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලන්කන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමග සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටට සහ වත්මන් රජයේ වැඩපිළිවෙලට පොහොට්ටුව ලකුණ හැර කිසිදු ලකුණක් නොගැළපෙන බවත්, මේ වනවිට පොහොට්ටුව ලකුණ රටම හඳුනාගෙන ඇති බැවින් බහුතර කැමැත්තට ඉඩ ලබා දිය යුතු බවත්, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

Read More

පසුගිය සෙනසුරාදා නුවරඑළිය සිට කොළඹ දක්වා ගමන් කළ සාමාන්‍ය බස් රථයක් එහි ගමන් කළ මගීන්ගෙන් අර්ධ සුඛෝපභෝගී යැයි පවසමින් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධව තමන්ට වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට වහාම ලබා දෙන ලෙස ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ සිටින කොරෝනා වැලඳුණු රෝගීන් සුවපත් වුවත් කොරෝනා පිළිබඳ කිසිදු පුද්ගලයෙකුට අවතක්සේරුවෙන් කටයුතු කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නව කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දක්වන අනියත බිය හේතුවෙන් චීන ආහාර සපයන අවන්හල්වලට ශ්‍රී ලාංකිකයන් පැමිණීම ප්‍රතික්ෂේප කිරීම සහ චීන සංචාරකයන්ගේ පැමිණීම අවම වීම සමග කොළඹ නගරයේ බොහෝ චීන අවන්හල් මේ වන විට සිය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර තිබේ.

Read More

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ විසිනව දහසක් අද (03දා) කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සතොස ගබඩාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.

Read More

සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය එකඟතාවය පළ කරයි.

Read More

ඉදිරි මහමැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ කැමැත්තක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

එල්.ටී.ටී.ඊ. ලාංඡන සහිත පත්‍රිකා සහ ආරක්ෂක අංශ වල ව්‍යාජ රබර් මුද්‍රා ළඟ තබාගත් පුද්ගලයෙකු කිලිනොච්චිය විවේකානන්ද ප්‍රදේශයේදී ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

ජාතික නිදහස් දින උත්සවය හේතුවෙන් හෙට (04දා) දිවයින පුරා පිහිටි සියලුම මස් පිණිස සතුන් ඝාතනය කිරීමේ ස්ථාන, මස් මාංශ අලේවිසැල් හමා සුරා සැල් මා බලපත්‍ර ලබාදී ඇති අනෙකුත් සියලුම මත්පැන් අලෙවි මධ්‍යසථාන වසා තබන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නිර්මාණය කිරිමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා හිටපු අමත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇතැයි වාර්තා වෙයි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ගනේෂා විද්‍යාලය අසල සාමාන්‍ය වැසියෙකුගේ ඉඩමකින් මෝටාර් සහ පතුරම් උණ්ඩ ගබඩා කරන ලද පෙට්ටි තොගයක් ඊයේ (02) දින හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Read More

සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට පත් වි තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

කඩුගන්නාව මුදිලිවත්ත සහ බැලුම්ගල අතර දියත් කිරීමට සැළැසුම් කොට ඇති කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ චාරිකාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා එක්විය.

Read More

වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් අඩු ආදායම් ලාභී පවුල් 118 කට නිවාස තනාදුන් ජර්මන් ජාතික යුවළක් වැලිපැන්න ප්‍රදේශයේ තවත් අඩු ආදායම් ලාභී පවුල් දෙකකට නව නිවාස තනා පසුගියදා බාරදුන්නාය.

Read More

ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජාතික උත්සවය කොළඹ පැවැත්වීම නුසුදුසු බවත් ඒ සඳහා නියමාකාර ලෙස උරුමකම් කියනු ලබන්නේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය බවත් නිදහස වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදුකල පින්බිම දඹුල්ල බව පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ පවසති.

Read More

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය හිඟුරක්ගොඩ පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුට හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (02) දින පස්වරුවේ දි පහරදිම නිසා එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.

Read More

Gem city 2020 Fashion Fiesta ලෙස නම්කරන ලද මෙම වීදි විලාසිතා සහ සංසකෘතික සංසංදර්ශනය “රුවන්පුර තාරුණ්‍ය” සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබීය.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ අලුතින් පිහිටුවන සන්ධානය තුළ අසිමිත බලයක් ලැබි තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.

Read More

වූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800ක් දුරින් මෙම නගරය පවතියි. එම නගරය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 265ක් වාර්තාවීම හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන තිබේ.

Read More

ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (02) සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.