72 වැනි ජාතික නිදහස් දින සැමරුම වසර 15කට පසුව නැවතත් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට ගත් කීරණය අගනා තීරණයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
පාලකයන් නිදහස සැමරුවත් වතු කම්කරුවන්ට ජීවත්වීමට නිදහසක් නොමැති බැවින් ඔවුනට ඉඩමක්, නිවසක් හා සිවිල් අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් හා රැළියක් අද (04දා) පිටකොටුව බස්නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමක් වුවත් මෙහි තවම එවැනි තත්ත්වයක් නැත.
Read Moreමේ අතර අනිද්දා (06දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (05දා) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.
Read Moreකොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත්ව සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කරයි.
Read More72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද ( 4) අභිමානවත් ලෙස සිදු කෙරිණි.
Read Moreජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (03) පස්වරුවේ කොළඹ 07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දි සිදු විය.
Read More72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් අද (04) සරසවිය ඉදිරිපිට කලු කොඩි එල්ලා නිදහස් දිනය කලු දිනයක් සේ සලකා ඇත.
Read Moreශ්‍රි ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය ඇතුළු සියලු වරායන්ගෙන් කොරෝනා වෛරසය පැතිරිම වැළැක්විමේ සාර්ථක වැඩපිළිවෙලක් කොළඹ වරායේදි ක්‍රියාවට නංවා තිබේ.
Read Moreයාපනය අච්චුවේලි ප්‍රදේශයේ අවුරුදු 05ක් වයසැති දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (03) දින මිය ගොස් ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.
Read Moreපොලිස් විශේෂ කාර්යය භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතාගේ සේවා දිගුව අද (04දා) අවසන් වීමට නියමිතය. ඒ අනුව ඔහු අද පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
Read Moreසෑම වාර්තාවකින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න එළිවෙන බව කථානායක කරු ජයසූරිය පවසයි.
Read Moreරට ගැන හිතලා බඩ ගැන හිතලා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක ජනතාවට බඩටත් නැතුව රටටත් නැති තත්ත්වයක් උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
Read Moreවිශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (03දා) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට දිනයේදීද වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreචීනයේ ප්‍රධාන භූමියෙන් පරිභාහිරව නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් වාර්තා වන දෙවැනි මරණය හොංකොං දේශයෙන් වාර්තා වෙයි.
Read Moreයාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ හදිසි වැටලීමක දී හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි .
Read Moreපසුගිය ජනවාරි 25 වනදා බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ නිවසකදී දෙදරු මවක් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු බදුල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (3) රාත්‍රියේ මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසකට එකවර උසස්වීම් ලබාදෙමින් නිලධාරීන් 244කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreමන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) දින හමුවූ බවට නාවික හමුදාව පවසයි.
Read Moreනිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් නැංවේ. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි.
Read Moreමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේම පදිංචි අවුරුදු 21ක් වන සැකකරුවන් දෙදෙනෙකි.
Read Moreඅන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික ධඡයෙන් සරසා තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.
Read Moreඅර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම විසින් සිදුකළ අධ්‍යනයේ වාර්තාව මේ සතියේදී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreචීන - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීමට චීන ජනපති සූදානම්.
Read Moreශ්‍රී ලංකා රජය, චීන රජය මෙන්ම දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු කණ්ඩායම් රැසකගේම දායකත්වය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස බේරා ගැනීමට හැකි වුණු බව එම මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායම පවසා සිටියි.
Read More