saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8755 hours ago

LATEST

ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය

calendar_today 2020 අප්‍රේ 06 - 16:15 remove_red_eye - 2216  

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිර නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

කෝවිඩ් 19 වසංගතය හා සම්බන්ධ රාජකාරියේ නියුතු හෙද හෙදියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.

Read More

බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන ඒමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

Read More

කැප්පෙටිපොල ආර්ථික වෙළද මධ්‍යස්ථානය හා බණ්ඩාරවෙළ තොග වෙළද පොල 07 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබීමටත් එහි වෙළදුන් ගමට යවා ගොවි නිෂ්පාදන මිලට ගෙන පිට පළාත් වලට අලෙවි කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.

Read More

මේ අතර පැරණි දුම්රිය මැදිරි 20,000 ක් පමණ රෝගීන් සඳහා භාවිත කළ හැකි හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.

Read More

සමෘද්ධී සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරින් ,ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් මේ දිනවල සුවිශාල වූ කාර්යභාරයක් රට වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත් ඔවුන්ට දඬුවම් කිරීමට පහර දීමට කිසිදු අයෙකුට අයිතියක් නොමැති බවද එම නිලධාරීන්ට සිදුකරන පහරදීම් සහ නොයෙකුත් අවලාද නැගීම් සිදු නොකරන්නැයි සමස්ත ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය

Read More

පස්වරු 2.10 වන විට පවතින තත්ත්වය - ආසාදිතයන් 176/මරණ 05/සුවය ලැබූ 34/සැක සහිත 257

Read More

කෙසේ වෙතත් අදාළ කොරෝනා ආසාදිත කාන්තාව තමන් ඇසුරු කළ පිරිස් පිළිබදව නිවැරදි තොරතුරු ප්‍රමණණවත් පරිදි ලබා දි නැති බව සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

Read More

ස්විස්ටර්ලන්තයේ ප්‍රංශ බසින් කටයුතු කරන බටහිර පළාත්වල කොරෝනා මරණවලින් තුනෙන් එකක්ම සාත්තු නිවාසවල දිවි ගෙවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.

Read More

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩනැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අකුරණ ප්‍රදේශය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය මීට වඩා අවශ්‍ය බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කොරෝනා වයිරසය ආසාදනය විමෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109 ක් බවට පත්ව ඇත.

Read More

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදි අද (06) දින පෙරවරුවේ කැබ් රථයක් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවලක් මියගිය බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්, නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Read More

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක වාදන සහ ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

ජා-ඇල පොලිස් බල සීමාවේ සුදු වැල්ල ප්‍දේශයෙන් අද (06 දා) කොරෝනා ආසාදිතයකු සොයා ගත් බව ජා-ඇල පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඒ අනුව සෙනසුරාදා රාත්‍රී 12.00 සිට ඉරිදා රාත්‍රී 12.00 දක්වා පැය 24 ක් තුළ නව කොරොන වයිරස් රෝගීන් 120 ක් වාර්තා වී ඇත.

Read More

දින හතරක ඇදිරි නීතියෙන් පසුව අද ( 06) වන දින උදැසන ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග විශාල පිරිසක් බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා නගරවලට එක්විමත් සමග නගරයේ වෙළඳ සැල් අසල දිගු පොලිම් දක්නට හැකිය.

Read More

අකුරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.

Read More

කොළඹ පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනන්ගේ සුරක්ෂිතතාවට රු.ලක්ෂ 60කට වැඩි ද්‍රව්‍යමය පරිත්‍යාග.

Read More

මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ඇති MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More

MSC Magnifica නෞකාවේ සිටින එකම ලාංකිකයා වූ අනුර බණ්ඩාර බේරා ගැනිමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

අගමැති ජොන්සන් පසුගිය මාර්තු 27දා තමන්ට කොවිඩ්-19 ආසාදිත බව කියා සිටියත් ඔහුට තවමත් රෝග ලක්ෂණවල අඩුවක් නැත.

Read More

4 හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයෙකු වන මෙම සත්වයා වියළි කැස්සක් පෙන්වා ඇති අතර, සුවය ලබනු ඇති බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.