saravita-anim2

2026 අගෝස්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්තු මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9628 hours ago

LATEST

ගම්පහ PCR පරික්ෂණ සෘණාත්මකයි

calendar_today 2020 ජුලි 21 - 21:00 remove_red_eye - 767  

ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීමේ වැරදි නවයක් මත ඡන්දය හා මනාපය ප්‍රතික්ෂේප විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

තැපැල් ඡන්ද සහතික කිරිම් කාර්යාලවලදි ඊයේ (20) සහ අද (21) ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු තැපැල් ඡන්ද හිමියන්ට ඡන්ද සලකුණු කිරිමට මේ මස 24 දින පෙ.ව 8.30සිට ප.ව 4.00 දක්වාද 25 දින පෙ.ව 8.30 සිට ප.ව 2.00 දක්වාද කාලයක් ඡන්ද සලකුණු කිරිමට ලබා දි තිබේ.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) යුද්ධ හමුදා හා ගුවන් හමුදා මූලස්ථානයන්හීදී, වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවිය.

Read More

වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසත්, ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කර පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පරිසර අමාත්‍යවරයාට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

Read More

හදිසියේ ඇද හැලුන මහා වර්ෂාවෙන් පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ යල කන්නයේ අස්වැන්න සේදි ගිය බව පවසයි.

Read More

මහනුවර මූලස්ථාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාවේ තැන්පත් කොට තිබූ රුපියල් මිලියන ගණනක රත්තරන් මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ හා ස්ථානගත වීමක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ වංචා විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව තතුදත් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ .

Read More

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයන්ට අදාලව ප්‍රකාශයක් සටහන් කිරිම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට මිට පෙර අවස්ථා දෙකකදි දැනුම් දිම් සිදුකර තිබුණි.

Read More

බැංකුවලින් ණය ගැනීමේදී ජනතාව අපහසුතාවයට පත්වෙන වත්මන් ක්‍රමවේදය වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම් යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) තීරණය කළේය

Read More

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම් නියම කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කොට ඇති අභියාචන පෙත්සම් යළි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.

Read More

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ කාන්තාවන්ට වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්, කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් නව රැකියා උද්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

යුද හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට එල්.ටී.ටී.ඊ. නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read More

කුච්චවේලි පොලිස් මාරක බාධකයේදී කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි මත්පෙති තොගයක් සහ හෙරෝයින් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කල තරුණයෙකු අත්අඩංගුවට ගත් බව කුච්චවේලි පොලීසිය පවසයි.

Read More

ලබන අගෝස්තු මාස 5 වැනි දින පැවැත්වීමට නියමිත මහමැතිව්රණය සදහා තැපැල් ඡන්ද ප්‍රකාශය අද අවසන් වුනි.

Read More

2015ට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව ජාතික කෞතුකාගාරයට කඩාවැදී එහි තිබෙන පුරාවස්තු සොරකම් කළ බවත්, පවතින රාජපක්ෂ ආණ්ඩුව පුරාවස්තු විනාශ කරන්නට පටන්ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් කැලණිය ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

බහිරවන්ද පෞද්ගලික තානායමක රැදී සිටිමින් මහනුවර නගරයේ ශ්‍රී දළදා මාළිගාව,ජනාධිපති මන්දිරය ඇතුලු ආරක්ෂිත ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ ගත කල යුක්‍රේන ජාතිකයෙක් මහනුවර පොලීසියේ සංචාරක ඒකකය මගින් අද (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රැකියා ලබා ගත යුත්තේ එමඟින් රටේ ආර්ථිකයට සහ ප්‍රගමනයට දායකවීම සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක දී උපාධිධාරීන් පිරිසකගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව අඳහස් දක්වමින් කියා සිටියේය.

Read More

නඩු පවරන බවට තර්ජනය කරමින් මත්පැන් ජාවාරම්කරුවෙකු බියවද්දා මුදල් ලබාගැනිමට උත්සාහ කළ උපපොලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 2048ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් රෝගීන් 2730ක් වාර්තා වන අතර ජීවතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

Read More

ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිම අදින් අවසන් වෙයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයේ අධිවේගී මාර්ගය තුළට වනලියෙකු පිවිස තිබේ. මාර්ගය දෙපස සවිමත් අලි වැටක් තිබියදී මෙම වන අලියා මාර්ගයට පිවිස තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 139591ක් සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කැලෑවක කෝපි ගසක් මත මිය ගොස් සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර කොටියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් නාවලපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මිනිපේ පශ්‍ර වෛද්‍ය රෝහල වෙත ඊයේ දින යොමු කළ බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ සහාය ද පළ කර බව සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා පවසයි.

Read More

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 43 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (21) තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණි.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග හානිවු ඉතාලියේ ආර්ථිකය ජන ජිවිතය හා ව්‍යාපාර නැවත ගොඩනැංවීම සඳහා යුරෝපා හවුලෙන් යුරෝ බිලියන 750 ක ආර්ථික හා සහනාධාර පැකේජයක් සදහා යුරෝපා කොමිසමෙන් එකඟතාවයක් ඊයේ (20) ඇති වු බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පැවසීය.

Read More

දැරියන් තිදෙනා ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ දැඩි සුළං සහිත කාලගුණයක් පැවති අතර එම අවස්ථාවේ ආසන්නයේ පිහිටි කොහොඹ ගසක අත්තක් දැරියන් තිදෙනා මතට කඩා වැටී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.