saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 9265 hours ago

LATEST

වියට්නාමයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

calendar_today 2020 ජුලි 02 - 22:39 remove_red_eye - 319  

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් හෝචිමිං නුවර සිට අද (02දා) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි.

Read More

තවත් ආසාධිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2066ක් දක්වා ඉහලට ගොස් ඇත.

Read More

බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (03දා) පෙරවරු 09.00ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාව කැඳවීමට නියමිතයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදි දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන සඳහා මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදිම සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ සභාව විසින් පොලිස් මුලස්ථානය වෙත දැනුම් දි තිබේ.

Read More

සමස්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා මෙන්ම ගාලු දිස්ත්‍රික්කයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ දවස්වල එක එක රණ්ඩු

Read More

අද (02) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රිඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රිඩාවෙන් කිර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රිඩකයන්ගෙන් විමර්ශනයක් සදහා ප්‍රකාශ ලබා ගැනිම තමන් අනුමත නොකරන බව හිටපු ක්‍රිඩා අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසිය.

Read More

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අද (02දා) එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා කැඳවා තිබුණු අතර ඔහුගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි.

Read More

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 12 දෙනා ජුලි 8 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

Read More

මාතර, තිහගොඩ, මාගල්ගොඩ ජල පොම්පාගාරය අසලින් නිල්වලා ගඟට බැස සිය ජංගම දුරකථනය සොයමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) රාති‍්‍රයේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව තිහගොඩ පොලීසිය පවසයි.

Read More

දීරඝකාලයක් තිස්සේ හම්බන්තොට .තිස්සමහාරාම හා කිරින්ද ප්‍රදේශයන්හි තරුණයින් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු හම්බන්තොට සිට බුන්දල හරහා කිරින්ද දක්වා ධාවනයවන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු හා රියදුරෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට සුරාබදු නිලධාරීහු අද [02]පෙරවරුවේ සමත්වූහ.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් කොළඹ දිසා අධිකරණයේ තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට අද (02) අභියාචනයක් ඉදිරිපත් කළේය

Read More

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව කරන පරීක්ෂණ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සමගි තරුණ බලවේගය විරොධය ප්‍රකාශ කරයි.

Read More

“ලෝකයේ අනිත් රටවල වගේම අපේ රටෙත් ආදිවාසී පරම්පරාවෙන් කෙනෙක් පළාත් සභාවට පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව උදාවෙයි. එහෙම යන්න කැමති කෙනෙකුට මම බාධාකරන්න කැමැත්තක් නෑ. එහෙම යන කෙනෙක් ඉන්නවානම් ‍මගේ ආශිර්වාදය ලබාදෙනවා” යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ආදිවාසි නායක වන්නිලා ඇත්තෝ පවසති.

Read More

කෝවිඩ් දෙවන රැල්ලක් එන බවත් ඒ හින්දා තම පක්ෂයට ඡන්දය දෙන්න යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ප්‍රකාශයට අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

Read More

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්ද පොළට පැමිණීම අඩුකිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂම කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන කිපයක දින ගණනාවක් සිට විදුලි කනුවල සහ පොල්ගස්වල සමනල විශේෂයක් විශාල ලෙස දක්නට ඇති බව ගම්වාසිහු කියති.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් 19 වසංගතය ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 256.6ක මූල්‍යමය ණය හා ප්‍රධාන මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති බව රජය නිවේදනය කරයි.

Read More

ඊයේ (01) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,40,760 ක් මරණ 34,788 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොළඹ වරායේ සමස්ත සේවකයින් වැඩ වර්ජනයක් සදහා සේවයෙන් ඉවත් වී එක්වෙමින් පෙලපාලියකින් නැගෙනහිර පර්යන්තය​ට පැමිණ ඇත.

Read More

සජිත්ට වඩා මට ගෝඨාභයත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්. ගෝඨාභයත් එක්ක වැඩ කරන්න තව වෙන අගමැති කෙනෙක් ඕන නැහැ යි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 1827 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තමන් දේශාපාලනයට පිවිසිමට අකමැති නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලිමක් මත තම සහෝදරයාව ජනතාවට සේවය කිරිම සදහා දේශපාලනයට යොමු කල බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

Read More

හලාවත - එළිවිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව ප්‍රදේශවාසින් විසින් එම ට්‍රැක්ටර් රථයට ගිනි තබා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.