මෙම සංචාරය වෛරසය ආරම්භ වූ ආකාරය සහ අනාගතය සඳහා අපට කළ හැකි දේ අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ගෝලීයව වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 10,275,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු කලාපය මෙන්ම, ඉන්දියාවේ තත්ත්වය අවදානම්.
Read Moreසමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ඉන්දියාව කියයි.
Read Moreඑක්තරා පැත්තකින් ආදායම් බදු ගෙවන ධනු කුවේරයන්ට බදු සහන ලබාදුන්නා. රටේ සාමාන්‍ය ජනතාවට සහනය ලබා දෙන්න ඕන ක්‍රමය තමයි මේ තෙල් මිල අඩුකිරීම. මුදල් අච්චු ගසා බැංකු වලට සල්ලි දාන එකෙන් නෙමෙයි රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන්.
Read Moreඋපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
Read Moreපොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පන්ති ගුරුවරුවන් කැමැත්ත පළ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreඋපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව සැකපිට හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීම නීත්‍යානුකූල නොවන බවට සඳහන් කර ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති පෙත්සම විභාගයට ගන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන ජුලි 07 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (29) දැනුම් දුන්නේය.
Read Moreමත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 6 වනදා සිට යළි විවෘත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබි තිබේ.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2039 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවසර 800ක් පැරණි කුරුණෑගල පැරණි රජ මාලිගා පරිශ‍්‍රය කෞතුකාගාරයක් බවට පත්කිරීමට අගමැතිගෙන් උපදෙස් ලැබි තිබේ.
Read Moreඅර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreපාසලෙන් සීනු හඞ නැංවෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ නිරෝගිභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සංඥාවක් ලබාදෙමින් බවත්, මෙය පාසල් දරුවන්ට පමණක් නොව සියලු රටවැසියන්ට අලුත් පණිවුඩයක් රැගෙන එන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යනු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති ගැඹුරුම පර්යන්තය වෙයි. මෙම පර්යන්තය තුළ විශාල ප්‍රමාණයේ නෞකා පහසුවෙන් හැසිරීමට හැකියාවක් ඇති අතර එහි මූලික ඉදිකිරිම් මේ වන විට අවසන්ව තිබේ.
Read Moreඅපි මේ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටූවනවා. දැන් මේ ආණ්ඩුවට යන්න බැහැ.බොහොම දුර්වල මට්ටමකයි තියෙන්නේ. ගෝලීය ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බැහැ. මේ ආණ්ඩුව එදත් අවුරුදු දෙකක් කෙටිකර ගත්තා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩාවන අයුරින් කොළඹදී උද්ඝෝෂණය සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06කට එරෙහි නඩුව ලබන ඔක්තෝම්බර් 06 වැනිදා යළි කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළාය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වහන්සේ අභියස දී ඊයේ (29 දා) විශේෂ ආගමික වතාවත් සිදු කර තිබිණි.
Read More2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමික්ෂණ අයදුම්පත් ලබන මස 17 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තෑපැලෙන් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
Read Moreකොවිඩ් හේතුවෙන් ආර්ථික අපහසුතා ඇතිවු ඉතාලියේ මිලියන 16ක් වන සමස්ත සේවකයන්ට ජූලි මස වැටුපට තවත් යුරෝ 100 ක දිමනාවක් ඒකතු කිරිමට පියවර ගන්නා බව ඉතාලි මුදල් ඇමති රොබැර්තො ගුවල්ටියෙරි මහතා පැවසීය.
Read Moreඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) අපවත් ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සුවවූ සංඛ්‍යාව 1678ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More2011 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාඳීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා හිටපු අමාත්‍යවරයාගෙන් කරුණු විමාසා තිබේ.
Read More“ද නිව්ස් පේපර්”චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වි තිබේ.
Read Moreබස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නීති වලට යටත්ව ජුලි 1වනදා සිට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreදකුණු පතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12ක් සමඟ සැකකරුවෙකු හෝමාගම - පිටිපනදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකඟතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More