saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 8465 hours ago

LATEST

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්විම අපහසුයි

calendar_today 2020 ජුලි 14 - 16:08 remove_red_eye - 792  

මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්විම ඉතා අසීරු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ වැළැක්වීම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 185.5 ක්) වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම අද දින (14) සිදු කරන ලදි.

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවයෙහි නියුතු උපදේශකවරයෙකු සමග මෝටර් රථයකින් ගමන් ගත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු සහ එම උපදේශකවරයා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාත් තුල මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල හමුදා නිලධාරින් 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ ඇත.

Read More

යාපනය පලාලි ගුවන්හමුදා කඳවුරේ පිහිටා ඇති ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 100ක් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක්, රු.50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.

Read More

ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ සංචාරක ප්‍රවර්ධනය සදහා නව ක්ෂේත්‍ර රැසක් මේ වන විට හදුනාගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

හක්මන කෝනගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කරමින් පලාගිය ටිපර් රථය අද ( 14) පෙරවරුවේ රන්න කට්ටකඩුව ප්‍රදේශයේ ගෝටයිබර ගම මාර්ගයේ නිවසක නතර කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබේ.

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

Read More

වසර 36ක සේවය නිම කොට විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

Read More

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .

Read More

නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වු තවත් 3 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව මේ වන විට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 898 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද අලුයම 05 න් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ සේවය කරන සියඹලාණ්ඩුව-විලඔය සහ බුත්තල-උනාවටුන පදිංචි සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

Read More

ඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ තිබේ. එහෙත් සේවාවන් සැපයෙන්නේ එක් දිනකට 1300කට පමණි.

Read More

මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කර එක් පොලිස් නිලධාරියෙකු මරණයට පත්කර ටිපර් රථයක රියදුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ

Read More

මේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ලක් වැළැක්වීමේ සැලසුම් යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සැල් තුළ මුඛ ආවරණ අනිවාර්ය කරන බවත්, ඊට අපොහොසත් වන අයට පවුල් 100ක ස්ථානීය දඩයක් පැනවෙන බවත්ය.

Read More

චීනයේ බීජිං අගනුවර තොග වෙළෙඳ පොළ හා සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බව පෙනෙන්නට තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ සිය නවතම සංස්කරණය ප්‍රකාශයට පත් කරමින් මෙම අනාවරණය කරයි.

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13දා) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

Read More

WHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.

Read More

මරණ අනුපාතය හා සම්ප්‍රේෂණ අඩුකිරීම, තනි තනිව ප්‍රජාවද මීට දායක කරගැනීම සහ ශක්තිමත් රාජ්‍ය නායකත්වය හා සන්නිවේදනය කොවිඩ්-19 වෛරසය පාලනයට වැදගත් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

නාවික හමුදාපතිවරයා හෙට (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

Read More

වෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ සතියේදී තවත් කොවිඩ්-19 පරීක්ෂණයකට බඳුන් වීමට නියමිතව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,800 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස වැඩිවීමද කැපී පෙනෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.