saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 8467 hours ago

LATEST

ජෝර්දානයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

calendar_today 2020 ජුලි 14 - 06:21 remove_red_eye - 228  

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (14දා) අලුයම අම්මාන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2646ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

තවත් ආසාධිතයින 11 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2642ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු ක්‍රියා කළහ.

Read More

පාතාලය තුළින් හා බන්ධනාගාරය තුළින් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තමන් දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරූ කරන්නැයි ඉල්ලමින් බුස්ස බන්ධනාගාරයේ වසර 06 ක සිරදඬුවමක් විඳිමින් සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

Read More

මැතිවර්ණ වේදිකාවේ කාන්තා හඬ

Read More

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් හා හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්, රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.

Read More

තවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය පාලන සමයේදී අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නේය.

Read More

සමගි ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශන තනතුරට එස්.එම් මරික්කාර් මහතාව පත් කොට ඇත.

Read More

ගිනිගත්හේන කෙනිල් වත්තේ ලදු කැලැවක අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා වනජිවි නිලධාරින් විසින් ඊයේ (12) දින මුදාගෙන දිවියාව නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කර දිවියා නල්ලතන්නිය සමනල ස්වාභාවික රක්ෂිතයට අද (13) දින මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

Read More

2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

මාලදිවයින තුළ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/13 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read More

එජාපය සමග දේශපාලන ඩීල් තියෙනවා කියලා සජිත් වගේ කෙනෙකුට හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.මොකද එතුමා කියන කතා කරන දේවල් ගත්තම පාසල් යන පුංචි දරුවෙක් සෙල්ලමට කියන කතා වගේ තමයී මට තෙරෙන්නේ. ඒතුමගේ තියෙන දේශපාලන අවබෝධය අත්දැකිම් හා අධ්‍යාපනය මට්ටම අනුව එතුමා කියන දේවල් අපි හිනාවෙලා උපහාසයෙන් බැහැර කරනවා හැරෙන්න ඒ ගැන කියන්න දෙයක් නෑ යැයි නුවරඑළීය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක එස්.බි දිසානායක මහතා පැවසීය.

Read More

යාපනය, වෙත්තලකේණි උඩුතුරෙයි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 52 ග්‍රෑම් 680 ක් සමග ධීවර යාත්‍රාවක් ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

අලුත්ගම පොලිස් වසම තුළ දී මෙයට වසර දහයකට පෙර සිදුකළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගොස් වසර 10 කින් පසු එම සැකකාර රැඳවියා බේරුවල පොලීසිය මගින් අද (13) අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

පාතාල කල්ලි සාමාජික ’’අංගොඩ ලොක්කා’’ සහ ’’පෙතියාගොඩ සංඛ’’ගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.