නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු ක්‍රියා කළහ.
පාතාලය තුළින් හා බන්ධනාගාරය තුළින් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තමන් දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරූ කරන්නැයි ඉල්ලමින් බුස්ස බන්ධනාගාරයේ වසර 06 ක සිරදඬුවමක් විඳිමින් සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
Read Moreකොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
Read Moreකෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් හා හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්, රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.
Read Moreතවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreසිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය පාලන සමයේදී අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නේය.
Read Moreසමගි ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශන තනතුරට එස්.එම් මරික්කාර් මහතාව පත් කොට ඇත.
Read Moreගිනිගත්හේන කෙනිල් වත්තේ ලදු කැලැවක අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා වනජිවි නිලධාරින් විසින් ඊයේ (12) දින මුදාගෙන දිවියාව නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කර දිවියා නල්ලතන්නිය සමනල ස්වාභාවික රක්ෂිතයට අද (13) දින මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreකොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read MoreCovid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.
Read More2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමාලදිවයින තුළ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/13 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
Read Moreඑජාපය සමග දේශපාලන ඩීල් තියෙනවා කියලා සජිත් වගේ කෙනෙකුට හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.මොකද එතුමා කියන කතා කරන දේවල් ගත්තම පාසල් යන පුංචි දරුවෙක් සෙල්ලමට කියන කතා වගේ තමයී මට තෙරෙන්නේ. ඒතුමගේ තියෙන දේශපාලන අවබෝධය අත්දැකිම් හා අධ්‍යාපනය මට්ටම අනුව එතුමා කියන දේවල් අපි හිනාවෙලා උපහාසයෙන් බැහැර කරනවා හැරෙන්න ඒ ගැන කියන්න දෙයක් නෑ යැයි නුවරඑළීය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක එස්.බි දිසානායක මහතා පැවසීය.
Read Moreයාපනය, වෙත්තලකේණි උඩුතුරෙයි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 52 ග්‍රෑම් 680 ක් සමග ධීවර යාත්‍රාවක් ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.
Read Moreඅලුත්ගම පොලිස් වසම තුළ දී මෙයට වසර දහයකට පෙර සිදුකළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගොස් වසර 10 කින් පසු එම සැකකාර රැඳවියා බේරුවල පොලීසිය මගින් අද (13) අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreපාතාල කල්ලි සාමාජික ’’අංගොඩ ලොක්කා’’ සහ ’’පෙතියාගොඩ සංඛ’’ගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ පළමු අදියර මේ වන විට ආරම්භ වි තිබේ.
Read Moreපුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිවු දෙනෙකු ඊයේ (12ධ අත්අඩංගුවට ගත් බව යාපනය ඉලවාලෙයි පොලීසිය පවසයි.
Read Moreවාලච්චේන, අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු දියේ ගිලී ජීවතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreඅනෙක් කාරණය තමයි පාතාලය සුද්ද කිරීම. ඔබ දන්නවා පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගත්ත ආයුධ ප්‍රමාණය හරියට යුද්ධ කරන්න වගේ තමයි පාතාලයේ අවි ආයුධ ගබඩා කරලා තියෙන්නේ. ආයුධ ගබඩා පවත්වාගෙන ගියපු තට්ටු තුන හතරේ ගෙවල් අල්ලා ගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස ඉන්නේ පාතාලය කියන එක දැන් පැහැදිලියි.
Read Moreඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයේ, මිලියන 8කට අධික ජනගහනයක් වෙසෙන අතර එය ඉන්දියාවේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වෙයි. බැංගලෝරය හෙට සිට සම්පූර්ණ අගුලු දැමීමක.
Read Moreඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 106ක් වාර්තා වී තිබ්. ඒ රාජාංගණයේදී තවත් කොවිඩ් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාවීමත් සමගිනි. ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකු ළඟින් ඇසුරු කළ අය වෙයි.
Read More