කොවිඩ් පාලනය කිරීමේදී යුද හමුදාවේ කැපවීම අගය කරනවා - ජනපති
කොවිඩ් 19 පාලනය කිරීමේදී ශ්රී ලංකා යුද හමුදාවේ කැපවීම අගය කරන බවත් රටේ ආපදා කළමණාකරනයට හා සංවර්ධන ක්රියාවලියට යුද හමුදාව ලබාදෙන දායකත්වය අගය කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
යුද හමුදාවේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.
“පුරා 71 වසරක් තුළ අප රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමෙහිලා ශ්රී ලංකා යුධ හමුදාව සක්රීය සහ විජයග්රාහී දායකත්වයක් ලබා දී ඇත. ඉන් නොනැවතෙමින් මවුබිම විවිධ තර්ජන, අභියෝග සහ ආපදා වලින් ආරක්ෂා කරන්නාවූ මුර ටැඹක් ලෙස ක්රියා කරයි.
මේ අවස්ථාවේදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්රී ලංකා යුධ හමුදාවේ කැපවීම මම ඉතා අගය කොට සළකමි. රටේ ආරක්ෂාවට, ආපදා කළමනාකරණයට මෙන්ම සංවර්ධන ක්රියාවලියට ශ්රී ලංකා යුධ හමුදාව ලබා දෙන්නා වූ ශක්තිය පිළිබඳව මාගේ ස්තූතිය පුද කරන අතරම අද (10) දිනට යෙදෙන 71 වෙනි සංවත්සරය වෙනුවෙන් සුභාසිංශන එක්කරමි”

popular news
-
rocky Saturday, 10 October 2020 12:06 PM
ee langa mathiwaranayedi naama yojanaa bhaara deemedi hamudaawa gana wishesha salakillak dakwana eka shuwar!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
