saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8617 hours ago

LATEST

හේමසිරිගේ චෝදනා මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි

calendar_today 2020 සැප් 20 - 14:25 remove_red_eye - 732  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම කරුණු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3284 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

Read More

බාල වයස්කාර පිරිමි දරුවන් හට හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරන සහ එම දරුවන් ලිංගිකත්වයට හුරු කරවීමේ ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ විවාහක තරුණියක් දඹුල්ල පොලිසිය අද 20 දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තබ්බෝව අභය භුමියට අයත් නවගත්තේගම රළපනාව වැවේ ජලය සිදියාමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් වැලි කැණීම සිදුවිමේන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ජනතාව කියයි.

Read More

තවත් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3088 දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද (20) දිනය වනවිට පුද්ගලයින් 43,612 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (20) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 5,922 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

Read More

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) දින පැවසීය.

Read More

පළාත් සභා අහෝසි කිරීමට හිටපු මහඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි හිටපු බස්නායක නිළමේවරයෙකුගේ පස් මහල් නිවසක් අද (20දා) අලුයම5.00 පමණ කඩා වැටීමට ලක්වීම හේතුවෙන් ඊට පහළින් නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති දරුවා මරණයට පත් ව තිබේ.

Read More

ආණ්ඩුවේ සිටින ප‍්‍රබල අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේදි මගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. ආණ්ඩුව අප පක්ෂ වල සාමාජීකයින්ව ආණ්ඩුවට ගැනීමට උත්සහායක නිරතව සිටින බවත් නමුත් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නැයි ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩුවට එන්න එපා යැයි පැවසුවා. මම එයට ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ මම කෙසේවත් ආණ්ඩුවට පැමිණෙන්නේ නැති බවයි.

Read More

යුරෝපය දෙවන කොවිඩ් රැල්ලකට හසුවෙමින් පිඩනයකට ලක්වෙමින් තීබෙන තත්වයක් තුල ඉතාලිය තම රට කොවිඩ් දෙවන රැල්ලෙන් බේරගැනිමට සියලු සැලසුම් දියත් කරමින් සිටින අතර තුර අද (20) හා (21) හෙට දිනයේ ප්‍රාන්ත 7 ක ජනතාව එම ප්‍රාන්තවල නව පාලනයක් සඳහාත් ඉතාලියේ සියලුම ජන්ද දායකයන් පාර්ලිමේන්තු හා සෙනෙට් සභාවේ මන්ත්‍රීධූරයන් අඩු කිරිමේ කැමැත්ත විමසීමට පවත්වනු ලබන ජනමත විචාරණය වෙනුවෙන් ජන්ද පොළවල් වෙත යාමට නියමිතය

Read More

බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබියදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බෝර 12 ජීව පතුරොම් 6ක්, ටී 56 ජීව පතුරොම් 31ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව පතුරොමක්, වර්ගය හඳුනා නොගත් ජීව පතුරොමක් සහ සුදු යකඩ කිණිස්සක් සමඟ සැකකරුවකු අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මොහොමඩ් ෆාරුක් නොහොත් ’’බැරල් රංජි’’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (20) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද අපේක්ෂා කරන බවයි.

Read More

මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති මහල් 5කින් සමන්විත නිවසක් කඩා වැටීමකට ලක්ව තිබේ.

Read More

අත් බෝම්බයක් සහ හොරොයින් මත් කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ’’කහපොල සුරංජි ’’ නැමැත්තා පිළියන්දල බටකැත්තර දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වය ගත් ගෝලීය සන්ධානයකට එක්වන බව බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව නිවේදනය කර තිබේ.

Read More

වසරේ මුල් මාස නවය තුළදී පමණක් නව ආයෝජන හා පවත්වාගෙන යන ව්‍යාපෘති පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇ.ඩො.බිලියන 1.5ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි BOI අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

එක්සත් ජනපදයේ දෛනික කොරෝනා වෛරස ආසාදිතයන් මෑතකදී ඉහළ ගොස් ඇති අතර, වෛද්‍ය විශේෂඥයන් පවසා ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා උණ සමය ළඟා වනවිට මෙම තත්ත්වය ඉතා බැරෑරුම් වනු ඇති බවය.

Read More

දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මගින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 82ක් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබේ.

Read More

මෙම වැඩිවීම තවමත් මාර්තු මස අගදී රටේ උපරිම මට්ටමට ළඟාවී නොමැති බවද එම ඒජන්සිය පවසයි. එවකට දෛනිකව ආසාදිතයන් 6,000කට වඩා ජර්මනියෙන් වාර්තා විය.

Read More

එක්සත් ජනපදයේ App Stores හි TikTok තහනම තාවකාලිකව වළක්වාලමින් TikTok මව් සමාගම වන බයිට් ඩාන්ස් සහ ඔරකල් අතර ගනුදෙනුව අනුමත කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 30,666,000ක් පසුකර ඇති අතර, යම් තරමකට පහළ ගොස් තිබූ එක්සත් ජනපද දෛනික ආසාදනයන්ද යළිත් ඉහළ යන බවට අනතුරු ඇඟවෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපති චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනාගෙන ඇත

Read More

පාර්ලිමේන්තු විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බල වේගය මුලුමනින්ම විරුද්ධයි. ඊට සංශෝධන එකතු කිරීමට හෝ සහයෝගය දීමට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවාම එය පරද්දන්න අපේ උපරිම බලය යොදවනවා යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසයි.

Read More

මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25000 ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.