saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8632 hours ago

LATEST

අක්මිමන 98 දෙනෙකු නිරෝධායනයේ

calendar_today 2020 නොවැ 11 - 15:09 remove_red_eye - 345  

අක්මිමන පොලිස් බල ප්‍රදේශය තුල පදිංචි පොලිස් නිලධාරින් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 98 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

Read More

ගාල්ල මහනගර සභාවේ සියලුම සේවක සේවිකාවන්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (11) ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් එම පරිශ්‍රයේදී සිදුකරන ලදී.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 31 දෙනකු අද 11 වන විට වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජයසුන්දර මහත්මිය පැවසුවාය

Read More

දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇනටිජන් කට්ටල 30,000 ක් 11/10 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

Read More

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි තවත් රිමාන්ඩ් සැකකරුවන් 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .

Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුබද්ධිත පෞද්ගලික බස් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී ඊයේ (10දා) රාත්‍රී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

Read More

දීපවාලී උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ නගර වැසීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More

පසුගිය ඔක්තෝබර් 01දා සිට මාස 6කට ‍නොඅඩු කාලයක් (2021 මාර්තු 31දා දක්වා) එම ණය සහන කාලය දීර්ඝ කරන ලෙස මහ බැංකුව උපදෙස් ලබාදී ඇති අතර, මෙම මස 30දාට පෙර ඒ සඳහා අයදුම් කළ යුතු බවද පෙන්වා දෙයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ සියල්ල සෘණාත්මක වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 57,222 දෙනෙකු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත ඔහු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටියදී පසුගිය 9 වන දින ඇද වැටීමෙන් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව හිස යමක ගැටීමෙන් මොළයට රුධිර කාන්දුවක් නිසා සිදුවූවක් බව අද (11දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ රෝගාතුර වීමෙන් අද (11) අලුයම මියගොස් ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු , මෙරට රජයේ විශේෂ අවසරය මත විශේෂ ගුවන් යානයකින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය විසින් එම ආසාදිතයින් නිරෝධායනය සඳහා හුදෙකලා කරන ලද ප්‍රදේශවල මෙන්ම ස්වයං නිරෝධායනය කෙරෙන නිවෙස් වල ආසාදිතයින් බැහැර කරන මුව වැසුම් හා අත්වැසුම් යනාදී අපද්‍රව්‍ය දැඩි ලෙස පරිසර හානිකර බව පෙනී ගොස් ඇත.

Read More

මැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපර භාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අංකය 011 3422558.

Read More

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මේ දිනවල නරක ග්‍රහයෙක් ලබා ඇති බවත් එම නීච ග්‍රහයා මාරු වන තුරු ඔහු කට වහගෙන සිටිය යුතු බවත් එසේ නැති වුවහොත් ඔහු අමාරුවේ වැටෙන බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.

Read More

විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ රාත්‍රියේ හා අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.

Read More

නව කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව ආසන්නතම ආසාදන මිලියන 10ක සීමාව පසුකළ අවස්ථාවයි.

Read More

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එරට තේරීපත් වූ ජනපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් බොහෝ දෙනෙකු විමතියට පත් කළේය.

Read More

එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසංගතය අවසන් කිරීම සඳහා ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ඉතා වැදගත් මෙවලමක් බවය.

Read More

මේ වනවිට ඉතාලියේ දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් 2,971ක් සිටින අතර, එය පෙර දිනට සාපේක්ෂව රෝගීන් 122ක වැඩිවීමකි.

Read More

කොවිඩ්-19 වෛරසය පිටුදැකීම සඳහා 90%කට වඩා ඵලදායී බවක් පෙන්වන එන්නතක් මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන අතර, මෙම එන්නත නිපදවීමේ පර්යේෂණ පිටුපස සිටි විද්‍යාඥ යුවළක්ද ඒ ආකාරයෙන්ම කතාබහට ලක්වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 51,300,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැඳවියන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.