saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 8037 hours ago

LATEST

මතලේ ප්‍රා සභා බල ප්‍ර දේශය තුළ ගව මස් අලෙවි කිරීමට අලුතින් බලපත්‍ර නෑ

calendar_today 2020 සැප් 10 - 23:06 remove_red_eye - 382  

මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මින් ඉදිරියට ගවමස් අලෙවි කිරිම සඳහා අලුතින් බලපත්‍ර ලබා නොදෙන බවට වු යෝජනාවක් අද (10දා) පැවති මාසික මහ සභා රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය.

රුපියල් බිලියන 60ක වාර්ෂික ඉතිරියක් ... හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉදි කෙරේ ... දේශීය ආයෝජකයන්ට ඖෂධ නගරයක් ... හැම මසකම නව ඖෂධයක් නිෂ්පාදනයට පියවර ...

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) පිළිතුරු දුන්නේය.

Read More

ලබන සතියේ සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාවේ වෙනසක් කිරිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.

Read More

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඩුවම නියම කිරීම සහ පාර්ලිමේන්තුවට පැමිණිමට ඉඩ ලබා දීම අධිකරණ නියෝග බවත් ඒ සදහා වත්මන් ආණ්ඩුව මැදිහත් නොවුන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය

Read More

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අද 10 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී පිළිගන්වන ලදී.

Read More

බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස ඇසිරී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා ඇතුළු පුද්ගලයන් හය දෙනා පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා කුමාරි බණ්ඩාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් පස් දෙනෙකු මෙම මස 24 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කුඩු චීනා නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහතුනක් සමග මහනුවර රෝහල් පටුමගේ ගමන් කරමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයට හා හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 11වනදා පැය 12 ක කාලයක් කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රයෝගික විසඳුමක් සෙවීමටත් කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල අද (10) කියා සිටියේ ය.

Read More

විදුලිය සිහිනයක්ම පමණක් වී, කුප්පි ලාම්පුවෙන් සැනසෙන රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයට අයත් පවුල් 60 ක් දිවි ගෙවන අතිදුෂ්කර ගම්මානයක් වන කලුකැලේ වැසියන්ගේ අඳුරෙන් වැසීගිය ජීවිත පිළිබදව අද දින (10) මාධ්‍ය විසින් කළ අනාවරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී, කලුකැලේ ජීවිත විදුලියෙන් එකලු කිරීම සදහා අවශ්‍ය පියවර අප්‍රමාදව ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පපෙරුම මහතා විසින් විදුලි බලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

මේ වසරේ කෝවිඩ් වසංගතය නැතිවත් පළමු මාස තුනේ වර්ධන වේගය ඝෘන 1.6 යි. මේ සැප්තැම්බර් 15 වෙනිදාට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊළඟ මාස තුනේ වර්ධනය ලබා දෙන්න ඔනී .ඒක ඝෘන 10ට ආසන්නයි. ඒ අනුව මේ වසරේ සමස්තයක් ලෙස ආර්ථිකය ඉතිහාසයේ පළමු වතාවට ඝෘන 6 ක කඩා වැටීමක් තියෙනවා.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් විශේෂ සම්මාන දෙකක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත වෙත ප්‍රදානය කිරීම අද දින (10) සිදු විය.

Read More

තවත් ආසාදිතයින් 5ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 රෝගීන් ගණන 3,152 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති නිටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද 10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

Read More

බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මගීන් අපහසුතාවට පත්කරන තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි හෙරෝයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

Read More

බුදුන් වහන්සේගේ සිරස මුද්‍රණය කරන ලද සාරියක් ඇඳ නාරහෙන්පිට පුද්ගලික රෝහලකට පැමිණි කාන්තාවක් අද (10දා) පොලිස් භාරයට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.

Read More

කොළඹ අලුත්කඩේ කුමාර දොරටුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් (10) අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

නිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉදිරි දශකය තුළ නව භූගත ඛනිජ සම්පත් සොයාගනිමින් ඒවාට අගය එකතු කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව හා ලංකා පිඟන් සංස්ථාව එක්ව කටයුතු කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

යෝජනාව විපක්ෂයෙන්, වැඩි ඡන්ද 14කින් යෝජනාව සම්මතයි.

Read More

දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමිප සම්බන්දතා පැවැත්වු සැකකරුවකු (10) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුගෙන් දින 07ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පොලිසියට අවසර ලබා දුන්නේය.

Read More

හන්තාන පාරිසරික ආරක්ෂක කළාපය ආසන්නයේ උඩුවෙල උඩුගම නැගෙනහිර ග්‍රාම සේවා වසම ආසන්නයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 20 කින් පමණ වූ භූමි ප්‍රදේශයක තිබූ ගස් හා මාන ආවරණයන් ඉවත් කරමින් මේ වන විට විශාල පරිසර හානියක් සිදුකරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය කියයි.

Read More

වැඩ තහනමට ලක් වූ තැපැල් සේවකයෙකු( ලියුම් -බෙදන්නෙක් ) රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු, මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය සමග බත්තරමුල්ල බටපොත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී (10) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .

Read More

ශ්‍රී ලංකාවේ වාහන ප්‍රදර්ශනාගාර තුළ වාහන 4100ක් තවමත් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම මහපොළොවේ යථාර්තයක් කිරීම සදහා සියළුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.