saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8449 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 733ක් ඉක්මවා ගිහින්

calendar_today 2020 දෙසැ 16 - 06:01 remove_red_eye - 198  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,632,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ.

Read More

පානදුරේ අලුපොත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු සිටිම නිසා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ලංකා බැංකු ශාඛාව අද දින සිට තාවකාලිකව වසා දමා එහි කළමණාකාරවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ 23 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කල බව පස්බාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන ‍සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුලන්දර මහතා පැවසිය.

Read More

කොළඹ අලුත් කඩේ ශේෂ්ඨාධිකරනයේ හදිස්සියේ ඇතිවූ ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

Read More

මින් ඉදිරියට පොදු ප්‍රවාහන මගී බස් රථ තුළ ආසන ගණනට පමණක් මගීන් ගමන් කළ යුතු බවත් මගීන් සිටගෙන ගමන් කිරීම නොකළ යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

කන්තලේදී කඩා වැටීමට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී. - 6 ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවාගේ සිරුර ත්‍රිකුණාමලය රෝහලට ගෙන ගොස් තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නැවත විවෘත කිරිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාව සමත්ව තිබේ.

Read More

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ බොරළු ගොඩ පිහිටි දැව ආශ‍්‍රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 47 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවත් එයින් 37 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පි.සී.එල්.ප‍්‍රියන්ත මහතා පවසයි.

Read More

කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමර්ශනය කරයි.

Read More

දියේ ගිලීමෙන් මරණයට පත්වූ බව කියන නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට නියම කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන පියුමාල් හේරත් මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් කර ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (15) දින හදුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් හය දෙනාත් සමඟ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 311 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

[UPDATE] ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

Read More

කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමටත් කිතුල් සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පළාත් අක්ෂර ඉවත් කිරීම මගින් වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකාරයෙන් සැලසුම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සන් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වව්නියාව කට්කුලි ප්‍රදේශයේ පාසල් දැරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15දා) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.රාධක්‍රිෂ්ණන් පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ. ඒ අනුව ලබන වසර තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම පදනම් කරගත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක්ද පත් කර ගැනින.

Read More

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

Read More

වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

“උත්සව සමය උදාවෙමින් පවතිනවා. ගිය වසරේදී මෙන් මේ වසරේදී සැමරීම් සිදුකරන්න බෑ. ඊට වඩා ප්‍රභලව කොවිඩ් මාරයා, කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙනවා. සාද ආදිය තමන්ගේ පවුලේ අයට පමණක් සීමා කරන්න. ”

Read More

ගම්පහ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයෙහි කම්කරුවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බව තහවුරු වීම මත සෞඛ්‍ය කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 90 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

Read More

ඉදුරුව තුන්දුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් පිරිසකට ඇතුළු 10 දෙනෙකුට ඊයේ (14) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

මෙම සීමාවන් බදාදා සිට බලාත්මක වන අතර, බාර් සහ අවන්හල් වසා දැමිය යුතුය. එහිදී ඒවා රැගෙන යා හැකි සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.

Read More

’’මට අද බලාපොරොත්තුවක්, සහනයක් දැනෙනවා. මෙය ඉතා වේදනාකාරී කාලයක අවසානය සනිටුහන් කරන්නක් බව මා විශ්වාස කරනවා.’’ දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ එන්නත ලබාගැනීමෙන් පසුව කියා සිටියාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.